පොල් පර්යේෂණ ආයතනය මගින් නිෂ්පාදිත සහතික කරන ලද පොල් පැළ නමින්, අධික මිලකට ව්‍යාජ පැළ නිකුත් කරන බවට පැමිණිළි ලැබී ඇතැයි එම ආයතනය දැනුම්දෙයි.
ව්‍යාජ ලේබල භාවිත කරමින් විවිධ පුද්ගලයින් විසින් මෙම ජාවාරම සිදුකරන බවද එම ආයතනය පෙන්වාදෙයි.
පොල් පර්යේෂණ ආයතනය මගින් නිර්දේශිත පොල් පැළ සහතික කිරීම පොල් පර්යේෂණ ආයතනය සහ පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් පමණක් සිදුකරන අතර පහත වර්ණවලින් යුත් ලේබල්වලින් එම පැළ සහතික කරනු ලබන බව එම ආයතනය ජනතාවට වැඩිදුරටත් දැනුම්දී තිබේ.






















