Saturday, October 24, 2026
HomeNEWSLatest Newsජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් බත්තරමුල්ලේ “ජාතික සඳුන් උයනෙහි” ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් බත්තරමුල්ලේ “ජාතික සඳුන් උයනෙහි” ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

ජනපතිගේ සහ අගමැතිගේ උපදෙසින් බත්තරමුල්ලේ “ජාතික සඳුන් උයනෙහි” ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.


අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි බත්තරමුල්ල ශ්‍රී ජයවර්ධනපුර “ජාතික සඳුන් උයන” ඉදිකිරීම් කටයුතු මේ දිනවල සිදුකෙරේ.

සඳුන් ගස් දහසක් සහිතව ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම විවේක මධ්‍යස්ථානය වශයෙන් මෙය හැඳින්වීමට හැකිවන අතර දුර්ලභ සඳුන් ගස් දහසක සෙවණේ විවේකීව ගත කිරීමට ජනතාවට අවස්ථාව හිමිවීම නැවුම් අත්දැකීමක් වන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

සඳුන් ගස්වල ඉහළ ඖෂධිය වටිනාකමක් තිබෙන අතර එවැනි සඳුන් උයනක අසිරිය විඳිමින් ජනතාවට තම දරු පවුල් සමඟ විවේකීව ගත කිරීමට මෙවැනි ස්ථානයක් ඉදිකිරීම අපූරු අත්දැකීමක් වන බවද නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පෙන්වා දෙයි.

බත්තරමුල්ල, අපේ ගම පරිශ්‍රයට යාබදව පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්නයේ ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව පාර අසලින් අක්කර 09 කින් යුත් භූමි ප්‍රමාණයක මෙම ජාතික සඳුන් උයන ඉදිකෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව පසුගිය ජුනි 06 වැනිදා මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරිණ.

සඳුන් ගස් දහස සිටුවීමේ කටයුතු ලබන සතියේදී ආරම්භ කිරීමට නියමිත අතර මෙම උයනෙහි පොකුණු 11 ක් ඉදිකිරීමේ කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතී.

විශාල පොකුණු දෙකක් මැදිවන ආකාරයෙන් එළමහන් රංග පීඨයක් ද ඉදිකෙරේ.

මෙම එළිමහන් රංග පීඨයේදී නාට්‍ය දර්ශන, යම් යම් ප්‍රසංග ඉදිරිපත් කිරීම, පොත් පත් දොරට වැඩීමේ උත්සව ඇතුළු තවත් උත්සව පැවැත්වීමට ද හැකියාව පවතී.

විශාල ජල තටාක 2 කට මැදිවන සේ මෙවැනි එළිමහන් රංග පීඨයක් ඉදිකිරීම ද අළුත් අත්දැකීමක් වනු ඇත.

මෙම සඳුන් ගස් සෙවණේ, මෙම පොකුණුවල සිසිලස විඳිමින් දරු පවුල්වලට සුව පහසුව විfවිකීව ගත කිරීමට හැකිවන ලෙස මෙම උයනෙහි ස්ථාන කිහිපයක්ම වෙන්කර තිබේ.

ව්‍යායාම් සිදුකිරීම, යෝගි ව්‍යායාම් වැඩසටහන් පැවැත්වීම, විවිධ භාවනා වැඩසටහන් ද මෙහි පැවැත්වීමට හැකිවන පරිදි පහසුකම්වලින් ද මෙම “ජාතික සඳුන් උයන” සමන්විත වේ.

ආහාරපාන ලබා ගැනීමට අවන්හල් ද, රථගාල් පහසුකම් ද මෙහි ඇති අතර “ජාතික සඳුන් උයන” ට ඇතුල්වීමට කිසිඳු මුදලක් අය නොකෙරේ.

මෙහි පළමු අදියර සඳහා වැයකෙරෙන මුදල රුපියල් මිලියන 132 කි. නාගරික සංවර්ධන අධිකාරිය මෙහි පිරිවැය දරණ අතර නාගරික සංවර්ධන අධිකාරියේ උපදෙස් පරිදි ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා යන මහත්වරුන්ගේ අධික්ෂණයෙන් බත්තරමුල්ල, ශ්‍රී ජයවර්ධනපුර ජාතික සඳුන් උයනෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img