Monday, August 31, 2026
HomeNEWSජනපතිහා අගමැති උපදෙසින් සෙත්සිරිපාය 111 බහුමහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු (22) ඇරඹේ.

ජනපතිහා අගමැති උපදෙසින් සෙත්සිරිපාය 111 බහුමහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු (22) ඇරඹේ.

ජනපතිහා අගමැති උපදෙසින් සෙත්සිරිපාය 111 බහුමහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු (22) ඇරඹේ.

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යටතේ ක්‍රියාත්මක වන සෙත්සිරිපායේ 111 වන බහු මහල් කාර්යාල සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු (22) පෙරවරු 9.30 ට බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතය.

නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා අධීක්ෂණය කරන මෙම ව්‍යාපෘතිය මහල් 25කින් සහ වර්ග අඩි මිලියන 1.37 කින් සමන්විත කාර්යාල ගොඩනැගිල්ලකි.නවීන කාර්යාල පහසුකම්වලින් සමන්විත මෙම කාර්යාල සංකීර්ණය තුළින් රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය කාර්යාල රැසකට ඉඩ පහසුකම් සලසා ගැනීමට අපේක්ෂිතය.

වසර තුනහමාරකින් ඉදිකිරීම් කටයුතු අවසන් කෙරෙන මෙම කාර්යාල සංකීර්ණයේ සමස්ත වියදම රුපියල් බිලියන 16.7 ක් වන අතර, මෙහි ගෘහ නිර්මාණ ශිල්පීය උපදේශකයන් ලෙස නිර්මාණ ව්‍යාපෘති කළමණාකරණ හා උපදේශක අංශය කටයුතු කරනු ලබයි. විශාලතම ආයෝජනය සිදුකරන රජයේ කාර්යාල සංකීර්ණය සහිතව ඉදිකෙරෙන උසම ගොඩනැගිල්ලද මෙය වීම විශේෂත්වයකි.

නාගරික සංවර්ධන අධිකාරිය පූර්ණ හිමිකම් සහ මූල්‍ය දායකත්වය දරණ මෙම කාර්යාල සංකීර්ණය විවිධ මහජන පහසුකම්වලින් සමන්විත වන අතර එය වාණිජ කටයුතු, බැංකු කටයුතු, ආපනශාලා, රැස්වීම් ශාලා, විශේෂිත වූ උත්සව සහ රථගාල්, වෙනත් විවිධ කටයුතු වෙනුවෙන් වූ බහු කාර්ය ශාලා, ශාරීරික යෝග්‍යතා මධ්‍යස්ථාන වැනි පහසුකම්වලින්ද සමන්විත වේ.

 සෙත්සිරිමහල් 111 බහු මහල් කාර්යාල සංකීර්ණය ශ්‍රී ජයවර්ධනපුර පරිපාලන කළාපය කේන්ද්‍රගතව ඉදිකෙරෙනු ඇත.

22 වන දින බත්තරමුල්ල සෙත්සිරිපාය පරිශ්‍රයේ පැවැත්වෙන සමාරම්භක උත්සවය සඳහා කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා,  නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img