Sunday, November 8, 2026
HomeNEWSජනපති පරීක්ෂණ කොමිසම මඩකලපුව ට

ජනපති පරීක්ෂණ කොමිසම මඩකලපුව ට

පූර්ව කොමි‍ෂන් සභා හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පි‍ළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සාමාජිකයින් මඩකලපුව දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් හමුවීමට නියමිතව තිබේ.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී ලබන 21 වනදා සිට 23 වනදා දක්වා එම හමුව පැවැත්වීමට නියමිත බව ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

මඩකලපුව දිස්ත්‍රික්කයේ යුද සමයේ අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් හමුවී මීට පෙර පැවති කොමි‍ෂන් සභා සහ කමිටු මඟින් ඔවුන්ගේ ගැටලුවලට ලැබුණු විසඳුම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම එහි අරමුණ වී තිබේ.

මීට පෙර එම ජනාධිපති කොමිසමේ සාමාජිකයින් උතුරු පළාතේ අතුරුදන්වූවන් සමග සාකච්ඡා පැවැත්වූ අතර නුදුරේදීම මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මේ අතර මෙරට දකුණු අප්‍රිකානු තානාපතිවරයා පූර්ව කොමි‍ෂන් සභා හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම පි‍ළිබඳව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

ඒ  අනුව ලබන 12 වනදා දකුණු අප්‍රිකානු තානාපතිවරයා කොමිසම හමුවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙරට අතුරුදන්වූවන්, මානව හිමිකම් උල්ලං‍ඝනය වීම්, දකුණු අප්‍රිකාවේ නීති පද්ධතිය, එරට අතුරුදන්වූවන් සම්බන්ධයෙන් ඔවුන් ගනු ලැබු  ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තානාපතිවරයා ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකා‍ශ ලබාදීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img