Sunday, November 8, 2026
HomeNEWSජනපති ලේකම්ගෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ට විශේෂ නියෝගයක්

ජනපති ලේකම්ගෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් ට විශේෂ නියෝගයක්

රජය හෝ රාජ්‍ය නිලධාරීන් පාර්ශවකරුවන් වන අධිකරණ කටයුතුවලදී ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට විශේෂ නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධිකරණ කටයුතුවලදී සෘජුව අධිකරණ ක්ෂේත්‍රය සමග ලිපි ගනුදෙනු නොකළ යුතු බව දැනුම් දී ඇත. 

අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් සඳහා එම නියමය බලපැවැත් වේ.

එම නිලධාරින් විසින් කිසිදු අවස්ථාවක අගවිනිසුරුවරයා ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාව හෝ අධිකරණ නිලධාරින් සමග සෘජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

එම කරුණු සම්බන්ධයෙන් ආයතන සංග්‍රහයේ 27 වන පරිච්ඡේදයේ විධිවිධාන හා ඊට අදාළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ උපදෙස් පරිදි නීතිපති දෙපාර්තමේන්තුව සමග පමණක් ලිපි ගනුදෙනු කිරීමට වගබලා ගත යුතුය.

ඉහත කරුණුවලට පරිබාහිර කරුණු සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සමග ලිපි ගනුදෙනුකරන්නේ නම් එම ලිපි ගනුදෙනු ජනාධිපති කාර්යාලය හරහා පමණක් සිදුකළ යුතු වේ.

අධිකරණ අමාත්‍යාංශය හෝ වෙනත් රාජ්‍ය ආයතන විසින් තම විෂය පථයට අදාළව එදිනෙදා සාමාන්‍ය පරිපාලන කටයුතු සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව හා අධිකරණ නිලධාරීන් සමග සිදුකරනු ලබන ලිපි ගනුදෙනු සම්බන්ධයෙන් හා අධිකරණ නිලධාරීන් සම්න්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරනු ලබන පැමිණිලි සම්බන්ධයෙන් එම චක්‍රලේඛ විධිවිධාන අදාළ නොවන බව ද ලිපියෙන් වැඩිදුරටත් දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img