Saturday, September 12, 2026
HomeNEWSජනපති සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්.

ජනපති සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්.

ජනපති සහභාගීත්වයෙන් විශේෂ ඉෆ්තාර් උත්සවයක්ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උපවාස මාසය නිමිත්තෙන් පවත්වනු ලබන ඉෆ්තාර් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් (14) පස්වරුවේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.ඉස්ලාම් ආගමික නායකයින් මෙන්ම ඉස්ලාම් බැතිමතුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඉස්ලාම් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් මෙම උත්සවය පැවැත්විණි.නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා මෙහි පිළිගැනීමේ කතාව සිදු කළ අතර ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතාද උත්සව සභාව ඇමතීය.ෂෙයික් අබ්දුල්ලා ෂහීඩ් මව්ලවිතුමා “රාමසාන් මාසයේ වැදගත්කම” පිළිබඳ විශේෂ දේශනයක් සිදු කරන ලදී.විශේෂ යාඥා මෙහෙයෙන් පසු ප.ව 6.23ට අද දින උපවාසය අත්හැරීමේ කටයුතු ආරම්භ වූ අතර ඉන් අනතුරුව විශේෂ භෝජන සංග්‍රහයක්ද පැවැත්විණි.මේ අතර ජනාධිපතිවරයා ඉෆ්තාර් උත්සවය සඳහා එක්ව සිටි ඉස්ලාම් බැතිමතුන් සමග සුහද කතාබහකටද එක් විය.බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනිෆ් යුසුෆ් යන මහත්වරු සහ ආණ්ඩු පක්ෂ හා විපක්ෂ මන්ත්‍රීවරුද, රාජ්‍ය නිලධාරින්, මහකොමසාරිස්වරු, තානාපතිවරු, මාධ්‍යවේදින් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img