Monday, August 3, 2026
HomeNEWSLatest Newsජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් ක්‍රමානුකූලව රට විවෘත කරනවා

ජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් ක්‍රමානුකූලව රට විවෘත කරනවා

ජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් ක්‍රමානුකූලව රට විවෘත කරනවා

ජනවාරි මාසයේ සිට සංචාරකයන් වෙනුවෙන් ක්‍රමානුකූලව රට විවෘත කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු අවධාරණය කලේ සෞඛ්‍ය අංශ මාර්ගෝපදේශ අනුව මෙම පියවර ගැනෙන බවයි.

ගාල්ල දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවට ඊයේ (12) එක්වෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කලේය. ගාල්ල හෝල් ඩි  ගෝල් උත්සව ශාලාවේදී රැස්වීම පැවැත්විණ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා කියා සිටියේ ජනවාරි මාසයේ සිට රට නිල වශයෙන් විවෘත කිරීමට පෙර නියාමන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි. සෞඛ්‍ය නිර්දේශ අනුව  එහි අඩුපාඩු හඳුනාගෙන ඒවා ද නිවැරදි කර ගැනීමෙන් පසු රට ක්‍රමානුකූලව විවෘත කිරීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා කීවේය.

සංචාරකයන්ට රට විවෘත කිරීම හා ගුවන්තොටුපල විවෘත කිරීම සම්බන්ධයෙන් ඊට අඳාල සියලු පාර්ශවයන් සමඟ මේ වනවිට සාකච්ඡා කරමින් සිටින බවත් ඉක්මනින් මෙම සාකච්ඡා අවසන් කර මෙම වැඩපිළිවෙල ආරම්භ කිරීමට හැකිවෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඇමතිවරයා කියා සිටියේය.

මෙම සාකච්ඡාවේදී ගාල්ල  මෙරට ප්‍රචලිතම සංචාරක ගමනාන්තයක් බවට පත්කිරිමට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට තිරීණය කෙරිණි. ඊට අවශ්‍ය ප්‍රතිපාදන සංචාරක අමාත්‍යංශය සහ ඊට අඳාල සෙසු අමාත්‍යංශ වලින් ලබාගැනීමට කටයුතු කෙරේ. ගාල්ල දිස්ත්‍රික්කයේ ඇති  ආකර්ෂණිය ස්ථාන වල යටිතල පහසුකම් සංවර්ධනය මේ යටතේ කඩිනම් කෙරෙණු ඇත. ගාල්ල කොටුව , උණවටුන හා රූමස්වල සංචාරක කලාප වලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් සංචාරක කලාප වල සිදුවන නීතිවිරෝධී හා මත්ද්‍රව්‍ය අපචාර වැළැක්වීමට කටයුතු කරන බවද ඇමතිවරයා කීවේය. ඔහු පෙන්වා දුන්නේ සංචාරක පොලීසිය ශක්තිමත් කිරීමට දැනටමත් පියවරගෙන ඇති බවයි.  

උණවටුන, ගාල්ල, බෙන්තොට දුම්රිය ස්ථාන නවීකරණය කිරීමේ වැඩසටහනක් ද මේ වනවිට ක්‍රියාත්මකයි. ගොඩහේන ප්‍රජා සත්කාර ව්‍යාපෘතිය ද ලබන වසරේ ආරම්භ කෙරේ. ගාල්ල දිස්ත්‍රික්කයේ වෙරළ ආශ්‍රිතව අනවසර ඉදිකීරීම් පැවතීම හා එමගින් සංචාරක කලාප වල මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරුණි.  ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ වෙරළ ආශ්‍රිත අනවසර ඉදිකිරීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවයි. දියමත ලිස්සා යාම, මුහුදේ කිමිදීම, තල්මසුන් නැරඹීමට යාම වැනි ක්‍රියාකාරකම් වලදී  සංචාරකයන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති වීම හා නිසි නියාමනයක් නොතිබීම පිලිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඇමති ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කලේ එම ක්‍රියාකාරකම් නිසි නියාමනයකට ලක්කිරීමට දැනටමත් පියවර ගෙන ඇති බවයි. සත්කාර නිවාස හා කුඩා පරිමාණ සත්කාරක සේවා නියාමනයට කටයුතු කරන බවද ඇමතිවරයා මෙහිදී අවධාරණය කලේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රශ්න කරයි

හිරගෙදරක්වත් පාලනය කළ නොහැකි මේ රජය රට පාලනය කරන්නේ කෙසේද ? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි වත්මන් රජයට හිරගෙදරක්වත් පාලනය කර ගන්න නොහැකි...

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක්-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අධ්‍යාපනය සෑම දරුවෙකුට හිමිවිය යුතු මූළික අයිතිවාසිකමක් මිසක්, වරප්‍රසාදයක් නොවෙයි. නැණ ඉසුර ශිෂ්‍යත්වය, රජයක් විදිහට අපි ගෙනියන වැඩපිළිවෙළට ලැබෙන ලොකු ශක්තියක්. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපනය සෑම...

ආණ්ඩුවේ නොහැකියාව මහරින් යළි පෙන්නුම් කෙරෙනවා- නාමල්

බන්ධනාගාර පද්ධතියකට තාවකාලික පැලැස්තර යෙදීම නතර කර, එම පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට රජය වහා පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු...

සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල්-ඇමති විජිත

​සංචාරක කර්මාන්තය නැංවීමට 2027 සිට දිස්ත්‍රික්ක වෙත සෘජු අරමුදල් සහ අම්පාරට විදේශ සේවා කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාලයක් - අමාත්‍ය විජිත හේරත් ​අම්පාර දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තයේ පවතින...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img