ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවසට ප්රවේශ වන මාර්ගය අසල මේ වනවිට විරෝධතාවක් පැවැත්වෙයි.
ඒ හේතුවෙන් ඒ අවට දැඩි රථවාහන තදබදයක් ද හට ගෙන තිබේ.
විරෝධතාවයේ නිරත පිරිස් බල කර සිටින්නේ ජනතාව මුහුණ දී සිටින ගැටලුවලට වහා විසඳුම් ලබාදෙන ලෙසය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පදිංචි පෞද්ගලික නිවස පිහිටි මිරිහාන පැඟිරිවත්ත පාර අසලට අද (31) පස්රුව 7.30ට පමණ ජනතාව එක් රැස්වී මෙලෙස විරෝධතාවයක් ආරම්භ කර තිබුණි.
මේ වනවිටත් විශාල ජනතාවක් එහි රැඳී සිටින අතර පොලීසිය ඇතුළු ආරක්ෂක අංශ තත්ත්වය පාලන කිරීම සඳහා මැදිහත් වී සිටී.
විරෝධතාව හේතුවෙන් මහරගම – මිරිහාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් ද හට ගෙන තිබේ.
විරෝධතාකරුවන් පවසන්නේ ඉන්ධන හිඟය, විදුලි අර්බුදය, ගෑස් හිඟය මෙන්ම බඩුමිල ඉහළයෑමේ ගැටලුවලට වහා විසඳුම් ලබාදිය යුතු බවය.






















