පූර්වගාමී කොමිෂන් සභා හා කමිටුවල තීරණ ඇගයීම සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සොයාබැලීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයින් මුලතිව් දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතය.
ලබන අප්‍රේල් මස මුල් සතියේ දී මුලතිව් දිස්ත්‍රික්කයේ යුද සමයේ අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් හමුවී සාකච්ඡා කිරීමට ජනාධිපති කොමිසම තීරණය කර ඇත.
මීට පෙර පත් කරන ලද කොමිෂන් සභා සහ කමිටු මගින් මෙතෙක් සාධාරණ විසදුම් නොලැබීම හමුවේ මුලතිව් දිස්ත්‍රික්කයේ අතුරුදන්වූවන්ගේ ඥාතීන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳ විමසා බලා ඔවුන්ගෙන් සාක්ෂි ලබාගැනීම මෙහිදී සිදුකිරීමට නියමිතය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස්, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු, හිටපු දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි සහ හිටපු නගරාධිපති යෝගේෂ්වරන් සද්ගුණරාජා යන මහත්ම මහත්මීන් ජනාධිපති කොමිෂන් සභාවේ සාමාජිකයින් වේ.
ජනාධිපති කොමිසමේ සාමාජිකයින් පසුගියදා උතුරු ප්‍රදේශයේ සංචාරයක නිරත වෙමින් යාපනය සහ කිළිනොච්චිය දිස්ත්‍රික්කවල අතුරුදන්වූවන්ගේ පවුල්වල ඥාතීන් 100 කට ආසන්න පිරිසකගේ අදහස් විමසීමක් සිදුකළේය.






















