Saturday, October 24, 2026
HomeNEWSජනාධිපති කොමිසමේ නිර්දේශ ගැන ජනාධිපති ලේකම් අභියාචනාධිකරණයට කළ දැනුම්දීම

ජනාධිපති කොමිසමේ නිර්දේශ ගැන ජනාධිපති ලේකම් අභියාචනාධිකරණයට කළ දැනුම්දීම

ජනාධිපති කොමිසමේ නිර්දේශ ගැන ජනාධිපති ලේකම් අභියාචනාධිකරණයට කළ දැනුම්දීම

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා අද (30) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් අද කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක සහ අමාත්‍ය මණ්ඩල ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු එම දැනුම්දීම් සිදුකළේය.

එම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශපාලන පළිගැනීම පිළිබඳව සොයා බැලූ  කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළත්ව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ඉකුත් ජනවාරි මස 29 ද පත්කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා විසින් තමන්ට වාචිකව උපදෙස් ලබා දී ඇති බව පැවසුවේය.

එම විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමටත් එම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා, අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එම කරුණම අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද අධිකරණය හමුවේ තහවුරු කර සිටියේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 12 වනදා කැඳවීමට නියම කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img