Saturday, August 15, 2026
HomeNEWSජනාධිපති කොමිසමේ නිර්දේශ ගැන ජනාධිපති ලේකම් අභියාචනාධිකරණයට කළ දැනුම්දීම

ජනාධිපති කොමිසමේ නිර්දේශ ගැන ජනාධිපති ලේකම් අභියාචනාධිකරණයට කළ දැනුම්දීම

ජනාධිපති කොමිසමේ නිර්දේශ ගැන ජනාධිපති ලේකම් අභියාචනාධිකරණයට කළ දැනුම්දීම

විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා අද (30) අභියාචනාධිකරණයට දැනුම් දී තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් තමන්ට එරෙහිව සිදුකර තිබෙන නිර්දේශ බල රහිත කරන ලෙස ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා යන මහත්වරු විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් අද කැඳවනු ලැබීය.

එම අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක සහ අමාත්‍ය මණ්ඩල ලේකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු එම දැනුම්දීම් සිදුකළේය.

එම පෙත්සම් අද අභියාචනාධිකරණ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශපාලන පළිගැනීම පිළිබඳව සොයා බැලූ  කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු සහ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු ඇතුළත්ව විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසමක් ඉකුත් ජනවාරි මස 29 ද පත්කර ඇතැයි ජනාධිපති ලේකම්වරයා විසින් තමන්ට වාචිකව උපදෙස් ලබා දී ඇති බව පැවසුවේය.

එම විශේෂ ජනාධිපති කොමිසමේ නිර්දේශ ලැබෙනතුරු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලූ පරීක්ෂණ කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමටත් එම පරීක්ෂණ කොමිෂන් සභා වාර්තා ඉදිරි පියවර ගැනීම සඳහා නීතිපතිවරයා, අල්ලස් කොමිසම සහ රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු නොකිරීමට ජනාධිපතිවරයා තීරණය ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කළේය.

එම කරුණම අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා ද අධිකරණය හමුවේ තහවුරු කර සිටියේය.

අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා මැයි මස 12 වනදා කැඳවීමට නියම කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය

නඩු ප්‍රමාණය වැඩිවීම නිසා ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධානඅභියෝගයක්- අධිකරණ ඇමතිි හර්ෂණ

• නඩු ප්‍රමාණය වැඩිවීම හේතුවෙන් ඇතිවන ප්‍රමාදය අධිකරණ පද්ධතිය ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගයක්. • ආරවුලක් ඇති වූ විට අධිකරණය වෙත යාමට පෙර, එය සාමකාමීව විසඳා...

ජනපති ප්‍රමුඛ මාලිමාව අධිකරණයේ ස්වාධීනත්වය සමූල ඝාතනය කරනවා- විපක්ෂ නායක සජිත්

ජනාධිපතිවරයා ප්‍රමුඛ මාලිමාව ගරු අධිකරණයේ ස්වාධීනත්වය සමූළ ඝාතනය කරනවා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා ප්‍රමුඛ වත්මන් රජය ගරු අධිකරනයේ ස්වාධීනත්වය සමූල ඝාතනයට ලක්...

ඉන්දියන් සාගරයේ භූ කම්පනයක්… ශ්‍රී ලංකාවට සුනාමි අවධානමක් නැහැ

ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතට ඔබ්බෙන් ඉන්දියන් සාගරය ආශ්‍රිතව අද (15) අලුයම 03.28 රිච්ටර් මාපාංක 7.7 ක ප්‍රබල භූ කම්පනයක්. ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි අවදානමක් නැහැ:...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img