ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම සඳහා ශ්‍රී ලංකාවේ උපරිම සහාය ලබාදෙන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවට පසුගියදා පැමිණි ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායම මුණගැසුණු අවස්ථාවේදී විජිත හේරත් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙම හමුවීමෙන් අනතුරුව අමාත්‍යවරයා සිය X ගිණුමේ තැබූ සටහන පහත දැක්වේ.
ප්‍රථම වරට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජපාන ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුබපැතුම් එක් කළෙමි. ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සංචාරකත්වය ප්‍රවර්ධනය කිරීමට ජපාන ජාතික කණ්ඩායමේ පැමිණීම වැදගත් අවස්ථාවක් වන අතර ක්‍රිකට් ලෝක කුසලානයක් හිමි රටක් ලෙස ශ්‍රී ලංකාව විසින් ජපාන ක්‍රිකට් කණ්ඩායමේ දියුණුවට අවශ්‍ය සියලු සහාය ලබා දීමට කැමැත්ත ද පළ කළෙමු. මෙම අවස්ථාවට තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ද එක්ව සිටියේ ය.


























