Friday, October 23, 2026
HomeNEWSජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට ඇමෙරිකාව තීරු බදු පනවයි.

ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට ඇමෙරිකාව තීරු බදු පනවයි.

ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබේ.අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබේ.ඊට අමතරව මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, ටියුනීෂීයාව යන රටවල් සඳහා ද ඊයේ (07) දිනයේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.මේ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරි පැය 48 ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් නිවේදන කිහිපයක් සිදුකිරීමට නියමිත බව අමෙරිකානු භාණ්ඩාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර තිබේ.කෙසේවෙතත් අදාළ නිවේදනවල අඩංගු වන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව සඳහන්ය.මේ අතර අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේය.”තීරු බදු සම්බන්ධ සාකච්ඡා දිගින් දිගටම ගියා. දැන් මේ වෙද්දි අපේ එකඟතාවය වඩාත් යහපත් හොඳ ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුමක අවසානයට ඇවිල්ලා තියෙනවා. ප්‍රවෘත්තියක් මතු කරානේ අමෙරිකානු ජනාධිපතිතුමා රටවල් 12ක් නම් කරනවා කියලා. අපි බලමු. අපේ පැත්තෙන් ලොකු විශ්වාසයක් තියෙනවා අපි සාකච්ඡා කරපු විදියට අපේ නමත් ඇතුළත් වෙයි කියලා. අපිට නිල වශයෙන් තාම දැනුම්දීලා නෑ. මහජනතාවට කියන්න කැමතියි ඔබ අපට දුන්න වගකීම අපි නිසි ආකාරයෙන් ඉටුකරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

එංගලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්

පාකිස්ථාන තුන්කොන් තරගාවලිය. ශ්‍රී ලංකාවට කඩුළු 02 ක සුපිරි ජයක්. (ශ්‍රී ලංකාවේ හොඳම සහ ලොව 02 වන වැඩිම එක්දින ලකුණු හඹා යාම) එංගලන්තය:429/4,ශ්‍රී ලංකාව:430/8 (49.5) එංගලන්තය සමඟ...

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසට අධිකරණ නියෝගයක්

විහාර මහාදේවී උද්‍යානයේ රැඳී සිටින භික්ෂූන්වහන්සේ ඇතුළු පිරිසට එහි අඛණ්ඩව රැඳී සිටීමෙන් වැළකීම ඇතුළු අධිකරණය ලබාදුන් නියෝගයක් කියවා දීමෙන් පසු, පොලිසිය එම ස්ථානයෙන්...

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති

ජනාධිපති ලේකම් කාර්යාලයේ ‘Vision’ වැඩසටහනට පාසල් හතරකසිසුහු එක් වෙති පන්ති කාමරයෙන් ඔබ්බට ගිය අධ්‍යාපනික අත්දැකීම් සිසුන්ට ලබා දෙමින්, රටේ ඉතිහාසය, ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සහ රාජ්‍ය පරිපාලන...

බොරු චෝදනා දාලා නඩු දාන අයට මොකද වෙන්නේ කියලා අපි බලාගෙන ඉන්නවා- නාමල් රාජපක්ෂ

අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img