Friday, August 28, 2026
HomeNEWSජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට ඇමෙරිකාව තීරු බදු පනවයි.

ජපානය, දකුණු කොරියාව ඇතුළු රටවල් 14කට ඇමෙරිකාව තීරු බදු පනවයි.

ජපානය සහ දකුණු කොරියාව ඇතුළු රටවල් 14කින් ආනයනය කරන භාණ්ඩ සඳහා තීරුබදු පැනවීමට අමෙරිකාව තීරණය කර තිබේ.අමෙරිකානු ජනාධිපති ඩොන්ල්ඩ් ට්‍රම්ප් විසින් අදාළ තීරුබදු පැනවීම පිළිබඳව ලිඛිතව දැනුම් දී ඇති බව වාර්තා වේ.ඒ අනුව එම තීරුබදු පැනවීම අගෝස්තු මස පළමුවන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය.ජපානය සහ දකුණු කොරියාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 25ක තීරු බද්දක් පැනවීමට නියමිතව තිබේ.ඊට අමතරව මියන්මාරය, ලාඕසය, තායිලන්තය, කාම්බෝජය, සර්බියාව, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, දකුණු අප්‍රිකාව, මැලේසියාව, ටියුනීෂීයාව යන රටවල් සඳහා ද ඊයේ (07) දිනයේ තීරු බදු පැනවීම සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව වාර්තා වේ.මේ අතර ට්‍රම්ප් පරිපාලනය විසින් ඉදිරි පැය 48 ඇතුළත ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතුවලට අදාළ වැදගත් නිවේදන කිහිපයක් සිදුකිරීමට නියමිත බව අමෙරිකානු භාණ්ඩාර ලේකම් ස්කොට් බෙසන්ට් ප්‍රකාශ කර තිබේ.කෙසේවෙතත් අදාළ නිවේදනවල අඩංගු වන්නේ මොනවාද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම් දී නොමැති බව සඳහන්ය.මේ අතර අමෙරිකානු තීරුබදු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇති බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කළේය.”තීරු බදු සම්බන්ධ සාකච්ඡා දිගින් දිගටම ගියා. දැන් මේ වෙද්දි අපේ එකඟතාවය වඩාත් යහපත් හොඳ ද්විපාර්ශවික වෙළෙඳ ගිවිසුමක අවසානයට ඇවිල්ලා තියෙනවා. ප්‍රවෘත්තියක් මතු කරානේ අමෙරිකානු ජනාධිපතිතුමා රටවල් 12ක් නම් කරනවා කියලා. අපි බලමු. අපේ පැත්තෙන් ලොකු විශ්වාසයක් තියෙනවා අපි සාකච්ඡා කරපු විදියට අපේ නමත් ඇතුළත් වෙයි කියලා. අපිට නිල වශයෙන් තාම දැනුම්දීලා නෑ. මහජනතාවට කියන්න කැමතියි ඔබ අපට දුන්න වගකීම අපි නිසි ආකාරයෙන් ඉටුකරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි – විපක්ෂ නායක සජිත්

රජය ප්‍රතිපත්ති හදන්නේ බොරු දත්ත මත පදනම්වයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිට පිටම අවස්ථා දෙකක් මෙරට ජනතාව රැවටුණු බවත් 2019 රැවටී රට බංකොලොත්...

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි

ඓතිහාසික දළදා පෙරහර නැරඹීමට ජනපති එක් වෙයි මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහර අද (27) රාත්‍රියේ වීථි සංචාරය...

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img