Sunday, November 8, 2026
HomeNEWSජවිපෙ අද කියනවා, 'මැච් එක(අරගලය) අපි දින්නා. කප් එක රනිල්ගේ අතට ගියා'...

ජවිපෙ අද කියනවා, ‘මැච් එක(අරගලය) අපි දින්නා. කප් එක රනිල්ගේ අතට ගියා’ කියලා…එහෙම මෝඩ විදියට මැච් ගහලා ඵලක් නැහැ!

? මැච් එක ගහන්න ඕනේ “රටේ ජනතාවගේ අතට කප් ගේන්න පුළුවන් වෙන විදියට”. ඒ මැච් එක ගහන්න අපි එකතූ වෙමු!
-උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශගෙන් ජනතාවට ඇරයුමක්!
(2022-11-27/උත්තර ලංකා සභාගයේ නුවරඑළිය සම්ප්‍රාප්තිය)
අර්බුදයට විසඳුම් ගෙන එන උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද සිදු වූ වගයි…

ශ්‍රී ලංකා රාජ්‍යය ස්ථාවර කිරීම සහ බිඳවැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා “ජනතාව පෙළගැස්වීමේ අත්හළ නොහැකි වගකීම” ඉටු කිරීම සඳහා උත්තර ලංකා සභාගය දියත් කරන දීපව්‍යාප්ත මෙහෙයුමේ තවත්
පියවරක් ලෙස, “නුවරඑළිය සම්ප්‍රාප්තිය” අද(27) පෙරවරුවේ හඟුරන්කෙත සංස්කෘතික ශාලාවේදී(ඩිපෝව අසල) පැවැත්විණි.

උත්තර ලංකා සභාගයේ “නුවරඑළිය සම්ප්‍රාප්තිය” ජනතා සමුළුව අමතා එහි නායකත්ව මණ්ඩලය නියෝජනය කරමින් සභාපති, හිටපු අමාත්‍ය විමල් වීරවංශ, ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ, නියෝජ්‍ය සභාපති, හිටපු අමාත්‍ය මහාචාර්ය තිස්ස විතාරණ, නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග යන මහත්වරු ද අදහස් දැක්වූහ.

එසේම ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස, පිවිතුරු හෙළ උරුමයේ නීති ලේකම් නීතිඥ භූපති කහතුඩුව යන මහත්වරු ද මෙම ජනතා සමුළුව ඇමතූහ.

පැමිණි පිරිස පිළිගැනීම ජාතික නිදහස් පෙරමු⁣ණේ හඟුරන්කෙත ආසනයේ සංවිධායක, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමිපත් දසනායක මහතා විසින් සිදු කරන ලදී.

උත්තර ලංකා සභාගයේ සමාජික දේශපාලන පක්ෂවලට අයත් නුවරඑළිය දිස්ත්‍රික් මහජන නියෝජිතයෝ රැසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම මෙහෙයුම උත්තර ලංකා සභාගයේ “මාතර සම්ප්‍රාප්තිය” නමින් ඔක්තෝබර් මස 15 වැනිදා මාතරින් ඇරඹුණු අතර “රුවන්පුර සම්ප්‍රාප්තිය”, “අනුරාධපුර සම්ප්‍රාප්තිය”, හා “මහනුවර සම්ප්‍රාප්තිය” ද මේ වනවිට සිදුව ඇත.

මාධ්‍ය අංශය,
උත්තර ලංකා සභාගය,
2022-11-27

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img