Saturday, October 24, 2026
HomeNEWSජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් චීනයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙකු හමුවෙයි.

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් චීනයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයෙකු හමුවෙයි.

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සහචීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා Liu Jianchao අතර හමුවක්…චීන කොමියුනිස්ට් පක්ෂයේ ආරාධනයක් මත මේ දිනවල චීනයේ සංචාරයක නිතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා ඇතුලු පිරිස චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ මූලස්ථානයේදී එහි ප්‍රධානියා වන ලියූ ජියන්චාවෝ ඇතුළු ඉහළ පෙළේ නායකයින් අතර සාකච්ඡාවක් පවත්වන ලදී.ජනතා විමුක්ති පෙරමුණත් චීන කොමියුනිස්ට් පක්ෂයත් අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය කිසිවෙකුටත් පලුදු කළ නොහැකි බවත් එම මිත්‍රත්වය පලුදු කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බවත් ලියූ ජියන්චාවෝ එහිදී අවධාරණය කළේය.රට සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළට අවශ්‍ය ඕනෑම විටෙක සහාය ලබාදීමට චීනය සූදානම් බවත් කිසිදු රටක ස්වෛරීභාවයට හානි වන අකාරයේ ක්‍රියාමාර්ගවලට චීනය සූදානම් නැති බවද ලියූ ජියන්චාවෝ සඳහන් කර සිටියේය.එහිදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා සඳහන් කර සිටියේ චීනය සහ ලංකාව අතරත් ජනතා විමුක්ති පෙරමුණ සහ චී‍න කොමියුනිස්ට් පක්ෂය අතරත් පවතින මිත්‍රත්වය මෙම වසරේ මුල ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයාගේ සංචාරයේදී තව දුරටත් වර්ධනය වූ බවය. එමෙන්ම තමන් ඇතුළු පිරිස සිදු කරන මෙම සංචාරයේදී එම මිත්‍රත්වය තවදුරටත් වර්ධනය වන බවත් ඔහු අවධාරණය කළේය. එමෙන්ම චීනය සහ ශ්‍රී ලංකාව අතර එළැඹි අවබෝධයන් අනුව කටයුතු කරන බවත් චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන සහායට ස්තුති වන්ත වන බවත් ඉදිරියටත් එම සහාය බලාපොරොත්තු වන බවත් මෙහිදී සඳහන් කළේය.චීන තුළ සිදු කළ මෙම සංචාරයේදී චීනය ගොඩ නැගීමට සභාපති මාඕ සේතුං හිටපු නායකයාගේ සිට ෂී ජින් පිං දක්වා චීනය කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳව සතුටු වන බවත් චීනය තමන්ට ආවේනික ලෙස මාක්ස්වාදය ඉදිරියට ගෙන යමින් තිබීම චීන කොමියුනිස්ට් පක්ෂය ලද ජයග්‍රහණයක් බවත් සඳහන් කළේය.මෙම සංචාරයේදී පක්ෂ පාසල් තුළින් සහ ගම්මාන ගොඩ නැගීමට කටයුතු කර ඇති ආකාරය සම්බන්ධයෙන් කළ අධ්‍යයන තුළින් ලද අත්දැකීම් ශ්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනයට බෙහෙවින් දායක කර ගත හැකි බවද ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා අවධාරණය කළේය.මෙම හමුව සඳහා චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ ක⁣ටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානි සුන් හැයියාන් ඇතුළු චීන කොමියුනිස්ට් පක්ෂයේ විදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ පිරිසක් එක් වී සිටි අතර ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් තරුණ කටයුතු නියෝජ්‍ය ඇමති එරංග ගුණසේකර, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය ඇමති මුනීර් මුලෆ්ෆර්, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ්.එම් ජෙගදීශ්වරන්, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේ, ගම්පහ දිස්ත්‍ර්ක් පාර්ලිමේන්තු මන්ත්‍රී ධර්මප්‍රිය විජේසිංහ ඇතුළු පිරිසක් ඒක්වී සිටිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img