Saturday, October 24, 2026
HomeNEWSජාත්‍යන්තර පොලිස් සංගමයේ 69 වන ලෝක සමුළුව ශ්‍රී ලංකාවේදී ආරම්භ වෙයි

ජාත්‍යන්තර පොලිස් සංගමයේ 69 වන ලෝක සමුළුව ශ්‍රී ලංකාවේදී ආරම්භ වෙයි

ජාත්‍යන්තර පොලිස් සංගමයේ 69 වන ලෝක සමුළුව ශ්‍රී ලංකාවේදී ආරම්භ වෙයි

ජාත්‍යන්තර පොලිස් සංගමයේ (International Police Association – IPA) 69 වන ලෝක සමුළුව අද (21) කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී ආරම්භ වූ අතර, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා ඊට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

2026 ඔක්තෝබර් 20 සිට 25 දක්වා පැවැත්වෙන මෙම සමුළුව සඳහා රටවල් 69ක් නියෝජනය කරමින් නියෝජිතයන් 400කට අධික පිරිසක් සහභාගී වෙති. ජාත්‍යන්තර පොලිස් සංගමයේ ලෝක සමුළුවක් ආසියානු රටක පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන අතර, එය ජාත්‍යන්තර සබඳතා සහ සංස්කෘතික හුවමාරුව සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය සපයන සුවිශේෂී අවස්ථාවකි.

ලොව පුරා සාමාජිකයන් 600,000කට අධික පිරිසකගෙන් සමන්විත ජාත්‍යන්තර පොලිස් සංගමය, සේවයේ නියුතු සහ විශ්‍රාමික පොලිස් නිලධාරීන් අතර සමාජීය, සංස්කෘතික සහ වෘත්තීය මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් රාජ්‍ය නොවන සංවිධානයකි. “Servo per Amikeco” හෙවත් “මිත්‍රත්වය තුළින් සේවය” යන සිය ආදර්ශ පාඨය අනුව යමින්, එම සංගමය ලොව පුරා පොලිස් නිලධාරීන් අතර අන්‍යෝන්‍ය අවබෝධය, සහයෝගීතාව සහ මිත්‍රත්වය වර්ධනය කිරීමට කටයුතු කරයි.

ජාත්‍යන්තර පොලිස් සංගමයේ වත්මන් ලෝක සභාපතිත්වය මාටින් හොෆ්මන් (Martin Hoffmann) මහතා විසින් හොබවන අතර, එහි ශ්‍රී ලංකා ජාතික සංගමයේ සභාපතිත්වය දරනු ලබන්නේ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා විසිනි.

සමුළුවෙන් අනතුරුව ඔක්තෝබර් 25 සිට 31 දක්වා ජාත්‍යන්තර පොලිස් සංගමයේ මිත්‍රත්ව සතිය (IPA Friendship Week) ශ්‍රී ලංකාව පුරා සංචාරක වැඩසටහනක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ යටතේ නියෝජිතයන්ට ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතික උරුමය, පුරාණ නගර, ඓතිහාසික ස්ථාන, විවිධත්වයෙන් යුත් ස්වාභාවික පරිසරය, දේශීය ආහාරපාන සහ සම්ප්‍රදායන් අත්විඳීමට අවස්ථාව සැලසේ.

මෙම අවස්ථාව අමතමින් අමාත්‍ය විජිත හේරත් මහතා රජය සහ ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් සමුළුවට සහභාගී වන සියලුම විදෙස් නියෝජිතයින් ශ්‍රී ලංකාවට උණුසුම් ලෙස පිළිගත් අතර, දේශසීමා හරහා සිදුවන අපරාධ, සංවිධානාත්මක අපරාධ ජාල සහ නීතිය ක්‍රියාත්මක කිරීමේදී මතුවන නව අභියෝගවලට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළේය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ රැඳී සිටින කාලය තුළ මෙරට ස්වභාවික සුන්දරත්වය, පොහොසත් සංස්කෘතික උරුමය, ප්‍රසිද්ධ ආගන්තුක සත්කාරය සහ දේශීය සම්ප්‍රදායන් අත්විඳිමින් සතුටින් කාලය ගත කරන ලෙස ද නියෝජිතයින්ට ආරාධනා කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි

සමන්තුරේ ප්‍රදේශයේ රෝගාතුර වූ වන අලියා බේරාගැනීමේ ප්‍රතිකාර අඛණ්ඩව ක්‍රියාත්මකයි අම්පාර දිස්ත්‍රික්කයේ සමන්තුරේ ප්‍රදේශයේදී හදිසියේ රෝගාතුරව ඇදවැටී සිටින වන අලියාගේ ජීවිතය බේරාගැනීම සඳහා වනජීවී නිලධාරීන්,...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img