Thursday, October 29, 2026
HomeNEWSජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතුයි - අධිකරණ ඇමති...

ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතුයි – අධිකරණ ඇමති පවසයි.

දිට්වා හදිසි ආපදා තත්වයන්ට මුහුණ දුන් පවුල් සදහා නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ ප්‍රමුඛතාවය ලබාදෙමින් යුද සමයේ සෙන්චෝලේ ඛේදවාචකයට මුහුණ දුන් පුද්ගලයින් 18 දෙනෙකුට සහ අතුරුදහන් වු පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට රුපියල් ලක්ෂ 50 ක මුදලක් සහ අක්කර භාගයක ඉඩමක් ලබාදීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව එම පවුල්වලට නිවාස ඉදි කර ගැනීමට අවශ්‍ය රජය විසින් ලබා දෙන රුපියල් ලක්ෂ 50 ක මුදලින් මුලික අදියර යටතේ මුදල් ලබාදීමට අදාළ චෙක්පත් පිරිනැමීම අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය පරන්තන් නගරය, පරන්තන් ග්‍රාම සංවර්ධන සමිති ශාලාවේදී අද (25) පෙරවරුවේ සිදු විය. ඒ වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අධිකරණ අමාත්‍යතුමා මෙම අදහස් පළ කරන ලදී.
එහිදී අදහස් පළ කළ අමාත්‍යතුමා මෙසේ සදහන් කළේය.
සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් දරුවන් අද වන විට වැඩිහිටියන් බවට පත් වෙලා. ඒ අය හමුවීමට ලැබීම පිළිබදව සතුටු වෙනවා. යුද්ධයේ ජයග්‍රාහකයෙක් නැහැ. දෙපාර්ශ්වයම පරාජයට පත් වෙනවා. යුද්ධයෙන් ඉතිරි වන්නේ කණගාටුදායක කටුක අත්දැකීම් පමණයි. යුද්ධයෙන් විනාශ වු ගොඩනැගිලි ඉදි කිරීමට වඩා වැඩි කාලයක් ඒ හේතුවෙන් කැඩි බිදී ගිය සිත් හදන්න යනවා. ජාතීන් අතර මිත්‍රත්වය ගොඩනැගීම වචනයට පමණක් සීමා නොවිය යුතුයි. මීට වසර දෙකකට පෙර උතුරේ ජනතාව අපේ රජයට මිත්‍රත්වයේ දෑත් දිගු කළා. අපිට උතුර දකුණ යනුවෙන් භේදයක් නැහැ. අතුරුදහන් වු පවුල් වෙනුවෙන් අවශ්‍ය සාධාරණට ඉටු කිරීමට මෙන්ම අතුරුදන් අය සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනය කිරීමට වත්මන් රජය කැපවී කටයුතු කරනවා. සෙන්චෝලේ සිද්ධියට මුහුණ දුන් අයගේ පවුල් 18 කට සහ අතුරුදහන් වු තැනැත්තන්ගේ පවුල් 3 ක් වෙනුවෙන් නිවාස ඉදි කර ගැනීමට අක්කර භාගයක ඉඩමක් සහ රුපියල් ලක්ෂ 50 ක මුදලක් ලබා දෙනවා. ඔබට ඇතිවන ගැටළුවලදී සෑම අවස්ථාවකම වත්මන් රජය සිටිනවා. උතුරේ ජනතාවට මිත්‍රශීලි වෙනත් රජයක් මීට තිබුණේ නැහැ. ජනතාවගේ ජීවන තත්වය උසස් කරමින් වත්මන් රජයේ රාජ්‍ය ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට රාජ්‍ය සේවකයින් ලබා දෙන සහාය අගය කරන බවද අමාත්‍යතුමා සදහන් කරන ලදී.
නිවාස ආධාර ලබාදුන් පවුල් විසි එකෙහි ජනතාවට අක්කර භාගයක ඉඩමෙහි වගා කිරීම සදහා අවශ්‍ය පොල් පැල සංකේතාත්මකව බෙදාදීමද මෙහිදී සිදු විය.
යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ. ඉලන්කුමරන්, කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් එස්. මුරලිදරන් යන මහත්වරුන් මෙහිදී අදහස් පළ කරන ලදී.

මාධ්‍ය ඒකකය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

විදෙස්ගත ශ්‍රමිකයන්ට රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදෙන ලෙසට ජනපතිගෙන් උපදෙස්

විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් රජයෙන් ලබාදිය යුතු සියලු අනුග්‍රහයන් බාධාවකින් තොරව ලබාදීමට කටයුතු කරන්නැයි ජනපතිගෙන් උපදෙස් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා දෙමින් මෙරට ආර්ථිකයට සුවිශේෂ දායකත්වයක්...

හර්ෂණගේ මරණයෙන් පෙන්නුම් කෙරෙන්නේ රට පොලිස් රාජ්‍යයක් කරා ගමන් කිරීමයි- විපක්ෂ නායක සජිත්

ඉෂාර හර්ෂණගේ මරණය යනු රට පොලිස් රාජ්‍යයක් කරා යන ගමනේ එක් පියවරක්ද? විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කරයි පසුගිය දිනක ඉෂාර හර්ෂණ නැමැති තරුණයා...

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම්

කෘෂිකර්ම දෙපාර්ත්මේන්තුවේ 850 දෙනෙකු සදහා ස්ථීර පත්වීම් ලබාදෙයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 850 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය ඊයේ (27) දින ගන්නොරුව පැළෑටි හා ජාන සම්පත් මධ්‍යස්ථානයේදී සිදු...

හිටපු ඇමති ජොන්ස්ටන්ගෙන් කරුණු පැහැදිල කිරීමක්

මාධ්‍ය නිවේදනය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සම්බන්ධ අධිකරණ නඩුව පිළිබඳ පළවන සාවද්‍ය මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් 2026 ඔක්තෝබර් 28 වන දින කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img