සියලුම පක්ෂ නායකයින් ජූලි 09 වනදා ඔවුන් එකඟ වූ පරිදි කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
ඒ අනුව වහාම නව ජනපතිවරයෙක් පත්කර අනතුරුව නව අගමැතිවරයෙක්ව එකඟවූ පරිදි පත්කරගත යුතු බව ඔහු පෙන්වා දෙයි.
එය කල්දැමීම තුළින් දැනට මතුව ඇති තත්ත්වය තවත් ව්‍යාකූල වියහැකි බව ඔහු කීය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අලහප්පෙරුම මහතා පැවසුවේ එවිට ශ්‍රී ලංකාව “නීතියක් නැති අරාජික රටක්” වීම කිසිවෙකුටත් නැවැත්විය නොහැකිවනු ඇති බවය.
එම ට්විටර් පණිවුඩය පහතින්.






















