Saturday, October 24, 2026
HomeNEWSඥානසාර හිමිට නිදහස ඉල්ලා මහනුවර සිට කොළඹට පැමිණෙන පා ගමන අද...

ඥානසාර හිමිට නිදහස ඉල්ලා මහනුවර සිට කොළඹට පැමිණෙන පා ගමන අද කඩුගන්නාවට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව සහ උන්වහන්සේ නිදහස් කරගැනීම උදෙසා මහා සංඝරත්නය පෙරටු කරගත් පාගමනක් අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිශ්‍රයෙන් ආරම්භ විය.

පාගමන ආරම්භ කිරීමට පෙර මහනුවර මඟුල් මඩුවේදී විශේෂ ආශිර්වාද සත්‍ය ක්‍රියාවක් ද පවත්වන ලදී.

මෙහිදී අදහස් දැක්වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බවය.

අතීතයේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් ජාතියේ සහ සම්බුද්ධ ශාසනයේ ආරක්ෂාව උදෙසා හඬ අවදි කළා සේම, ඥානසාර හිමියන් ද හඬ නැඟුවේ රට, ජාතිය සහ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් බව උන්වහන්සේ පෙන්වා දුන්හ.

ඥානසාර හිමියන් සිරගත කරනු ලැබුවේ උන්වහන්සේගේ පෞද්ගලික කාරණයක් වෙනුවෙන් නොවන බවත්, උන්වහන්සේ සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන් බවත් පැවසූ සුමංගල හිමියන්, උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක් බවද අවධාරණය කළහ.

ශ්‍රී දළදා මාලිගය පරිශ්‍රයේ පිහිටි වාරියපොළ සුමංගල හිමියන්ගේ ප්‍රතිමාව අභියසින් ඇරඹි මෙම අධිෂ්ඨාන පාගමන, ඥානසාර හිමියන් සිරගත කර සිටින ස්ථානය දක්වා ගමන් කිරීමට නියමිතය.

උන්වහන්සේට නිදහස ලැබෙන තෙක් සහ අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වන මෙම සටන කිසිසේත්ම අත් නොහරින බවත්, පවතින මර්දනය හමුවේ අහිංසාවාදීව පාගමනින් එක්වන ලෙසත් උලපනේ සුමංගල හිමියෝ සමස්ත ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියහ.

මෙම පාගමන අද කඩුගන්නාව නගරයෙන් අවසන් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.

බ්‍රෙන්ට් බොර තෙල් මිල ඇ:ඩො:117.37 දක්වා ඉහළට

බ්‍රෙන්ට් බොර තෙල් මිල මීට සුළු මොහොතකට පෙර ඇ:ඩො:117.37 දක්වා ඉහළ යයි. එය අප්‍රේල් 30 න් පසු ඉහළම අගය වන අතර, WTI බොර තෙල්...

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි

යෝජිත අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතුසොයා බැලීමට ජනපති එක් වෙයි අනුරාධපුර පූජා නගරයේ ඓතිහාසිකත්වය, පෞරාණික වටිනාකම් සහ ආගමික පසුබිම සුරක්ෂිත කරමින් ප්‍රවේශ මාර්ග ප්‍රතිසංස්කරණය...

සාමකාමීව ජනතාවට රැස්වන්නවත් වත්මන් රජය ඉඩ දෙන්නේ නැහැ- විපක්ෂ නායක සජිත්

රජයට ජන වරම ලැබු‍ණේ මූලික අයිතිවාසිකම් සුරක්ෂා කරන්න වුවත් රජය කරන්නෙම මූලික අයිතිවාසිකම් කඩ කරන එකයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විහාරමහාදේවි උද්‍යානයේ සාමකාමී...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img