පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිවිල් ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන කණස්සල්ල පළකර, ත්රෛයිනිකායික මහ නාහිමිවරුන්ගෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඒකාබද්ධ ප්රකාශයක්.භික්ෂුභාවය අහෝසි කිරීම හෝ සිවුරු හැරවීම රාජ්ය පරිපාලන හෝ බන්ධනාගාර රෙගුලාසිවලට සීමා වූ දෙයක් නොව, අදාළ නිකායේ කාරක සංඝ සභාවට අයත් ක්රියාවලියක් බව මහ නාහිමිවරුන් අවධාරණය කරයි.






















