Thursday, November 12, 2026
HomeNEWSඩ්‍රෝනයකින් වික්ටෝරියා ජලාශය අවට වීඩියෝ කළ තිදෙනා අත්අඩංගුවට

ඩ්‍රෝනයකින් වික්ටෝරියා ජලාශය අවට වීඩියෝ කළ තිදෙනා අත්අඩංගුවට

නිසි අවසරයකින් තොරව ඩ්‍රෝන යානයක් ගුවන්ගත කර ආරක්ෂක කලාපයක්  වීඩියෝ කළ පුද්ගලයින් තිදෙනෙකු තෙල්දෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ ඊයේ (13) උදෑසන වික්ටෝරියා වේල්ල, වික්ටෝරියා ජලාශය හා යුද හමුදා සිව්වන බල ඇණියේ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු කඳවුර ප්‍රදේශවල දී අදාළ පුද්ගලයින් නිසි අවසරයකින් තොරව ඩ්‍රෝනයක් මගින් වීඩියෝගත කිරීමක් සිදුකර ඇති බවය.

ඒ අනුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු ‍යුද හමුදා කඳවුරේ නිලධාරීන් විසින් ඒ බව දැනුම් දීමෙන් පසු මෙම පුද්ගලයින්ව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක්ද සිටී.

ඔවුන් ගොතටුව හා කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර තෙල්දෙණිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අද (14) ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img