Thursday, November 12, 2026
HomeNEWSඩෙල්ටා රට ආක්‍රමණය කරයි

ඩෙල්ටා රට ආක්‍රමණය කරයි

ඩෙල්ටා

ශ්‍රී ලංකාවේ වර්තමාන කොවිඩ් ආසාදිතයින්ගෙන් 95.8%ක්ම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් බව නවතම අධ්‍යයනයකින් අනාවරණය වී තිබේ. 

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ දැනට ලැබී ඇති සාම්පල මත පදනම්ව සිදුකරන ලද පර්යේෂණයකින් ඒ බව තහවුරු වී ඇති බවය. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යායතනයේ මහාචාර්ය නීලිකා මලවිගේ, ආචාර්ය චන්දිම ජීවන්දර ඇතුළු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ.

එමෙන්ම ඇතැම් පළාත්වල ඩෙල්ටා ප්‍රභේදය ආසාදනයවූවන් 84%ත් 100%ත් අතර පැවති බව එම පර්යේෂකයින් පවසයි.

මේ අතර කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලදී පරීක්ෂණයන්ට භාජන කරන ලද සාම්පල 130න් 130ම ඩෙල්ටා ප්‍රභේදය බවට හඳුනාගෙන තිබේ.

මීට අමතරව කුරුණෑගල, අනුරාධපුරය, හම්බන්තොට, වවුනියාව, මුලතිව් හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලත් පරීක්ෂාවට බඳුන් කළ සාම්පල සියල්ලම ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූවන් බව හඳුනාගෙන ඇත. 

ඇල්ෆා ප්‍රභේදය වාර්තා වී ඇත්තේ දිස්ත්‍රික්ක 6ක සාම්පල 25 කින් පමණි.

මේ අතර කොවිඩ් ආසාදිත පුද්ගලයින් 2,856 ක් ඊයේ (09) මෙරටින් හඳුනාගෙන තිබුණි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන 477,636ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශ වාර්තාවල දැක්වේ.

ඉන් 408,116 දෙනෙකු සුවය ලබා ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙන රෝගීන් සංඛ්‍යාව 58,656කි.

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 10,864 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද(12) පළාත් කිහිපයකටම මි.මී. 100 ට අධික තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට අද (12) මි.මී. 100 ට වැඩි තද වැසි: කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.

අනෝජන්ගේ නිදහස සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා ප්‍රමුඛ විශේෂ නීතිඥ කණ්ඩායමේ මැදිහත්වීම

ශ්‍රී ලංකාවේ කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන විදේශගත ශ්‍රමිකයෙකු වූ සිවරාසා අනෝජන්, සෞදි අරාබියේදී සමාජ මාධ්‍ය සටහනක් සම්බන්ධයෙන් එල්ල වූ ආගමික අපහාස චෝදනාවක් යටතේ අත්අඩංගුවට...

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img