Friday, July 31, 2026
HomeNEWSතරුණ අයට කොවිඩ් වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක්... නව ප්‍රභේදයක් දැයි සැකයි -රාජ්‍ය අමාත්‍ය...

තරුණ අයට කොවිඩ් වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක්… නව ප්‍රභේදයක් දැයි සැකයි -රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන

වත්මන් තත්ත්වය තුළ මෙරට තරුණ ප්‍රජාවට කොවිඩ් ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. 

“අද දෙරණ“ට ප්‍රකාශයක් ලබාදෙමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, දෛනික කොවිඩ් ආසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් ද දක්නට ලැබෙන බවය.

මේ වන විට කොවිඩ් -19 රෝගය සමග දැඩි සත්කාර ඒකකවලට රෝගීන් ඇතුළු කිරීම ද බොහෝ සෙයින් වැඩි වී ඇතැයි මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටියේය.

කෙසේවෙතත් පවතින තත්ත්වය තුළ මීට පෙර මෙරට නොතිබුණු ප්‍රභේදයක් රට තුළට පැමිණ ඇත්දැයි සැකයක් පවතින බවත් ඒ පිළිබඳ ව සිදුකරන පරීක්ෂණවල ප්‍රතිඵල සති අන්තයේ ලබාදීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, පළමු මාත්‍රාව ලබාදීමේ දී අනුගමනය කළ ක්‍රමවේදයන් හා කාර්යක්ෂම බව ඒ ආකාරයට ම රැක ගනිමින් දෙවන මාත්‍රාව ලබාදීමට සැලසුම් කර ඇති බවය.

“කාල පරතරය කුමක් ද කියන එක ගැන විවිධ අදහස් පළ වෙලා තිබුණා. ආරම්භයේ දී සති 4ක් කියලා කිව්වා. පසුව කිව්වා සති 10 -12ත් අතර කාලයක් කියලා. මේ වෙනකොට තවත් දත්ත ලැබිලා තියෙනවා සති 16ක් දක්වා යන්න පුළුවන් කියලා. දෙවැනි කාරණය තමයි ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීමෙන් පසු රුධිරය කැටි ගැසීම් පිළිබඳව සැක සංකා ලෝකයේ විවිධ රටවලින් මතුවුණා. අපත් මේ පිළිබඳ කරුණු කාරණා සොයාබැලුවා. ශ්‍රී ලංකාවේත් රුධිරය කැටි ගැසීම් පිළිබඳ රෝගීන් කිහිපදෙනෙක් වාර්තා වුණා. ඒ නිසා මේ පිළිබඳව සමීපව අධ්‍යයනය කළා. මේ සියල්ල සලකා බලා අපිට සුදුසු දිනයක් නිර්දේශ කරන්න කියලා ඉල්ලීමක් කරා. ඒ අනුව ඊයේ සවස අමාත්‍යාංශයේ බෝනොවන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව තීරණය කළා මැයි මාසයේ පළමු සතියේ දෙවන මාත්‍රාව ලබාදීමට කටයුතු කරන්න කියලා.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නාමල්ට උණ

පසුගිය සතියේ නාමල් එක්සත් රාජධානිය බලා පිටත් වීමට සූදානම්ව සිටියේය. ඒ ඔහුගේ ඥාතියකුගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සඳහාය මේ සඳහා කෙසේ හො සහභාගී වන ලෙස...

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයට ජනපති එක් වෙයි සියලුම ජන කොටස් එකම පුද බිමකට කැඳවන මෙම ඓතිහාසික අවස්ථාව අපේ රටේ ජාතික අනන්‍යතාව...

ජනවරම ලැබුණේ අධිකරණය විධායකයේ අතකොළුවක් කරගන්න නොවෙයි- විපක්ෂ නායක සජිත්

රජයට වරම් ලැබුණේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මිස ගරු අධිකරණය විධායකයේ අතකොළුවක් කර ගන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ ක්‍රමයේ වෙනසක්...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම දැනටමත් ප්‍රමාදයි-ජනවරමේ නීතිඥයෝ

ජනවරමේ නීතිඥයෝ සංවිධානයේ මාධ්‍ය හමුව 2026 ජූලි 28ලෝකයේ අනෙක් රටවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීම එක්ක බලන විට,ලංකාව දැනටමත් ප්‍රමාදයි…නීතිඥ අකලංක උක්වත්තජනවරමේ නීතිඥයෝ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img