“තරුව” විජයග්‍රාහී හලාවත සම්ප්‍රාප්තිය…”ව්‍යවසායකත්ව රාජ්‍යයක් – සතුටු දැයක්” නිර්මාණය කිරීමේ සජ්ජන අරමුණ පෙරදැරි කර ගනිමින් මෙවර ජනාධිපතිවරණයට “තරුව” ලකුණෙන් තරග වදින, “සර්වජන බලය” දේශපාලන එකමුතුවෙහි අපේක්ෂක, මව්බිම ජනතා පක්ෂයේ නායක, ව්‍යවසායක, නීතිඥ දිලිත් ජයවීර මහතාට සහයෝගය පළ කිරීම පිණිස අද(08) උදේ හලාවත බස් නැවතුම් පොළ අසලදී මහජන රැලියක් අතිසාර්ථකව පැවැත්විණි.මෙම මහජන රැලිය අමතා , ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා මෙන්ම ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්, වෛද්‍ය ජී. වීරසිංහ, යුතුකම ජාතික සංවිධානයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග, මව්බිම ජනතා පක්ෂයේ නියෝජ්‍ය සභාපතිනි, නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්, පිවිතුරු හෙළ උරුමයේ සංස්කෘතික කටයුතු ලේකම් ශිරන්ත ජයලත්, මව්බිම ජනතා පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් සංවිධායක, එම පක්ෂයේ විධායක සභික නීතිඥ ඒ. ඩබ්ලිව්. එස්. අමීන් යන මහත්ම මහත්මීහු ද අදහස් දැක්වූහ.මාධ්‍ය අංශය,සර්වජන බලය2024-09-08




























