Monday, October 26, 2026
HomeNEWSLatest Newsතවදුරටත් වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹින්

තවදුරටත් වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹින්

තවදුරටත් වැඩිම කොවිඩ් ආසාදිතයින් කොළඹින්

මෙරට තුළින් කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 559 දෙනෙකු ඊයේ (26) දිනය තුළ හඳුනාගැණුනි.

ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව  253කි.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 65 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු ද හඳුනාගෙන ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. 

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ කොවිඩ් පොකුරෙන් මේ වනවිට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 18,487කි. ඉන් පුද්ගලයින් 12,437 දෙනෙකු  පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. 

ඊයේ දිනය වනවිට, මෙරට තුළ කොවිඩ් – 19 වෛරසය ආසාදනය වු සමස්ත රෝගීන් සංඛ්‍යාව 22,027 ක් වන අතර ඉන් පුද්ගලයින් 15,815 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ රෝගීන් 6,113 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් – 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව ද 99 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනය තුළ PCR පරීක්ෂණ 12,105 ක් සිදුකර ඇති බවද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
 Man

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ගල් අඟුරු වංචාවේ සියලු තොරතුරු ලබන 12 වෙනිදා හෙළි කරනවා-පාඨලී

*ගිවිසුමට සම්පුර්ණයෙන්ම පටහැනිව, වාරකන් සමයේ, අමාත්‍යවරයාගේ අවසරයකින් තොරව ගෙන්වූ ගල් අඟුරු නැව් දෙකේ වගකීමක් මට නෑ..වගකීම තියෙන්නේ ලංකා ගල් අඟුරු සමාගමට හා නැව් සංස්ථාවට...

ග්‍රාමීය සංවර්ධනයට රුපියල් මිලියන 180,000ක් – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන – අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු ග්‍රාමීය සංවර්ධන...

ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි

යෝජිත ආරක්ෂක නීති සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය ගැටලු පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවට කරුණු පැහැදිලි කරයි මානව හිමිකම් කොමිසම සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත...

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වෙයි

2026 වසරේ මුල් මාස 9 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇ:ඩො:බි:13.61 දක්වා ළඟා වී ඇති අතර, එය 2025 වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව (⁣ඇ:ඩො:බි:12.96)...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img