Monday, August 31, 2026
HomeNEWSත්‍රිකුණාමලයේ වරාය සේවකයෝ අකුරට වැඩ

ත්‍රිකුණාමලයේ වරාය සේවකයෝ අකුරට වැඩ

ත්‍රිකුණාමලයේ වරාය සේවකයෝ අකුරට වැඩ

කොළඹ වරාය සේවකයින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරිමේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට සහය පළ කිරීම සඳහා ත්‍රිකුණාමල වරාය සේවකයින් ද වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.

ඒ පිළිබඳව පැහැදිලි කරන ත්‍රිකුණාමලය වරායේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති එච්.එම්.ඒ හේරත් මහතා පවසා සිටියේ, හෙට දිනයේ දී උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා, 

“මව් සංගම් වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා දැනට කොළඹ වරාය හා ගාලු වරාය තුළ මේ වන විට අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒකට සහයෝගයක් දැක්වීමක් වශයෙන් ත්‍රිකුණාමලය වෘත්තීය සමිති ඒකාබද්ධ වෙලා, වෘත්තීය සමිතියක් පිහිටුවාගෙන දැනට අකුරට වැඩ කිරීමේ ව්‍යාපෘතියක් කරගෙන යනවා. එයට අමතරව හෙට දින දහවල් 12 සිට ප.ව 1 දක්වා උද්ඝෝෂණයක් ත්‍රිකුණාමලය වරාය ඉදිරිපිට ආරම්භ කිරීමට කටයුතු කරගෙන යනවා.“

මේ අතර, කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වරාය වෘත්තිය සමිතිවලට කැඳවිමක් සිදුකර තිබේ.

හෙට (01) දිනයේ අදාළ සාකච්ඡාව පැවැත්වෙන බව වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න-ජනපතිගෙන් උපදෙස්

“අනුරාධපුර පූජා භූමි සංවර්ධන සැලැස්ම” මේ වසරේදීම ආරම්භ කරන්න ජනපතිගෙන් උපදෙස් පූජා නගරය තුළ වාහන තදබදය අවම කරමින් පරිසර සංවේදී කලාපයක් ලෙස සංවර්ධනය කිරීමටත්, වන්දනාකරුවන් වෙනුවෙන්...

22කට ජනමත විචාරණයක් ඉල්ලා ගාල්ලේ විරෝධතා

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් ඉල්ලමින් ගාල්ල නගර ශාලාව ඉදිරිපිට අද(30) දහවල් උද්ඝෝෂණයක් පවත්වනු ලැබිණි. මේ උද්ඝෝෂණයට සහභාගී වූයේ ජනතාවාදී...

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳ වෙලා- පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල්

එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ අයගේ කටෙන්ම කියවගන්න පුළුවන් වෙච්ච එක ගැන සතුටුයි-නාමල් රාජපක්ෂ එදා චෝදනා කරපු ව්‍යාපෘති අද හොඳයි කියලා ඒ...

ශබ්ද වාහිනී යන්ත්‍ර භාවිතයට අදාළ නීතිය පිළිබඳව පොලිසියෙන් දැනුම් දීමක්

මහජනතාවගේ සාමකාමී ජීවිතයට සහ අවට පදිංචිකරුවන්ට බාධාවක් නොවන පරිදි ශබ්ද විකාශන යන්ත්‍ර, ඇම්ප්ලිෆයර් සහ වෙනත් ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිතා කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img