ත්රීරෝද රථ සහ යතුරුපැදි අමතර කොටස් ජාවාරමක්
යතුරුපැදි සහ ත්රීරෝද රථ සමාගම් මගින් නිෂ්පාදිත අමතර කොටස් හා සමාන ලෙස නීතිවිරෝධී ලෙස තත්ත්වයෙන් බාල ව්යාජ අමතර කොටස් නිෂ්පාදනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
61ක් හැවිරිදි එම පුද්ගලයා නිෂ්පාදනය කළ යතුපැරුදි හා ත්රීරෝදරථ අමතර කොටස්, ඒවා විකුණන ආයතන වෙත බෙදා හැර තිබේ.
ගුවන් හමුදා බුද්ධි අංශය වෙත ලැබුණු තොරතුරකට අනුව කොක්මාදුව පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් අදාළ වැටලීම සිදුකර තිබුණි.
වැලිගම කඩේවත්ත ප්රදේශයේ පිහිටි ඔහුගේ නිවස වැටලූ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් එහි තිබී රුපියල් කෝටි 2කට අධික ව්යාජ අමතර කොටස් තොගයක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණි.
යතුරුපැදි සහ ත්රීරෝද රථ නිෂ්පාදන සමාගම්වල අමතර කොටස් බවට ඇඟවීම සඳහා සැකකරු විසින් භාවිතකළ ස්ටිකර් මුද්රණය කළ මුද්රණ යන්ත්රයක් ද එහිදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් භාරයට ගෙන ඇත.
මේ අතර වල්ලපට්ටාවලින් සුවඳ විලවුන් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා බොයිලේරුවක් ද සැකකරුගේ නිවසේ තිබී සොයාගෙන තිබේ.






















