පිළියන්දල ප්‍රධාන තැපැල් කාර්යාලයේ සේවකයින් 18 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත.
පසුගිය දින කිහිපය තුළ තැපැල් කර්යාලයේ සේවකයින් දෙදෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගැනීමත් සමඟ එහි තවත් සේවකයින් 35දෙනෙකුගේ පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබේ.
එහිදී මෙම ආසාදිතයින් හඳුනාගෙන ඇති අතර එම පිරිස නිවෙස් නිරෝධායනය සඳහා යොමුකර ඇත.
මේ අතර, තලවකැලේ සෙන් කුම්බස් වතුයායෙන් සහ තේ පර්යේෂණ ආයතනයෙන් නව ආසාදිතයින් 47 දෙනෙකු හඳුනාගෙන ඇත.
තේ පර්යේෂණ ආයතනයේ සේවකයින් සහ වතු කම්කරුවන් 75 දෙනෙකුගේ සිදුකළ පී.සී.ආර් සහ ඇන්ටිජන් පරීක්ෂාවන්ට අනුව මෙම කොරෝනා අසාදිතයන් හඳුනානෙ තිබේ.
ලිඳුළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ජනත් අබේගුණරත්න මහතා පැවසුවේ කම්කරුවන් සිව්දෙනෙකු කොවිඩ් ආසාදියින් බවට හඳුනාගත් පසු ඔවුන්ගේ ආශ්‍රිතයන් 75 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂාවකට යොමුකළ බවය.






















