Sunday, August 16, 2026
HomeNEWSතැපෑලෙන් ආ එනසාල් කිලෝ 600ක්

තැපෑලෙන් ආ එනසාල් කිලෝ 600ක්

ගුවන් තැපෑලෙන් සහ මුහුදු තැපෑල මාර්ගයෙන් ශ්‍රී ලංකාවට පැමිණ තිබූ සැක සහිත පාර්සල් කිහිපයක්  පරීක්ෂා කිරීමේදී එහි තිබී එනසාල් කිලෝග්‍රෑම් 600කට ආසන්න ප්‍රමාණයක් සොයාගෙන තිබේ. 

ඒ, ශ්‍රී ලංකා රේගුව මගින් සිදුකළ පරීක්ෂාවකදී ය.

ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ. පී. ද අල්විස් මහතා පැවසූවේ තැපැල් දෙපාර්තමේන්තුව හරහා අදාළ පාර්සල්වල අයිතිකරුවන්ට දෙවරක්ම දන්වා තිබුණත් ඔවුන් නොපැමිණි බවය.

අදාළ පාර්සල් ස්කෑන් පරීක්ෂාවේදී සැක සහිත පාර්සල ලෙස හඳුනාගැනීම හේතුවෙන් වැඩිදුර පරීක්ෂාව සඳහා රඳවාගෙන තිබූ බවද ඔහු පැවසීය.

පාර්සල් 22ක් පමණ එලෙස පරීක්ෂාවට ලක්කර තිබුණි.

නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ කේ. පී. ද අල්විස් මහතා වැඩිදුරටත් සඳහන් කළේ අදාළ එනසාල් තොගය රාජසන්තක කිරීමට පියවර ගන්නා බවය.

2020 අගෝස්තු මස 17 නිකුත් කෙරුණු විශේෂ ගැසට් නිවේදනය අනුව එනසාල් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඕස්ට්‍රේලියාවේ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගැනීමට ඇමති හඳුන්නෙත්ති මෙල්බර් නුවරදිි සාකච්ඡා අරඹයි

ඕස්ට්‍රේලියානු ප්‍රමුඛ පෙළේ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවේ නව ආයෝජන අවස්ථා සඳහා සූදානම් වේ: අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සමඟ විශේෂ සාකච්ඡා වටයක් මෙල්බර්න් නුවරදී සාර්ථකව...

ආබාධිත රණවිරුවන් කොටස් දෙකකට වෙන් කිරීම මානව හිමිකම් උල්ලංඝනණය කිරීමක්- විපක්ෂ නායක සජිත්

රට දැය බේරා ගැනීම උදෙසා ඇස්හිස් මස් ලේ තම ශරීර අවයව මෙන්ම ජීවිත පූජා කළ අප රටේ වීරෝධාර රණවිරු ප්‍රජාව අප රටේ භෞමික අඛණ්ඩතාව,...

අගුලානට ආසන්න මුහුදේ දී ඩෝරා යාත්‍රාවක් අනතුරකට ලක්වෙයි

අඟුලානට ආසන්න මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදා ඩෝරා යාත්‍රාවක් අනතුරට ලක් වෙයි. 11 ක් මුදා ගැනේ. මෙහෙයුම් සඳහා බෙල් 412 හෙලිකොප්ටර් යානයකුත් එක්වෙයි: නාවික හමුදාව.

ශිරාන් බාසික්ට පැය 72ක රැදවුම් නියෝග

ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ, ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන "ශිරාන් බාසික්" නැමත්තාට පැය 72 ක රැදවුම් නියෝග: පොලිසිය
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img