Tuesday, September 22, 2026
HomeNEWSතියුණු තරඟයකින් පසු නේපාලය පරදා එංගලන්තයට ලකුණු 4ක ජයක්

තියුණු තරඟයකින් පසු නේපාලය පරදා එංගලන්තයට ලකුණු 4ක ජයක්

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සහ නේපාලය අතර පැවති තරඟයෙන් ඉතා තියුණු තරඟයකින් පසු ලකුණු හතරක සියුම් ජයක් ලබා ගැනීමට එංගලන්තයට හැකි විය. පන්දු වාර විස්ස තුළදී එංගලන්ත කණ්ඩායම කඩුලු හතක් දැවී ලකුණු 184ක් රැස් කළ අතර නේපාල කණ්ඩායම පන්දු වාර් 20 අවසානයේදී කඩුලු හයක් දැවී ලකුණු එකසිය අසූවක් ලබා ගැනීමට සමත් විය. මෙම තරඟය පුරාවට නේපාල ක්‍රිකට් කණ්ඩායමේ තිබුණු සටන්කාමීත්වය ක්‍රීඩා විචාරකයින්ගේද දැඩි අවධානයට ලක් විය. ඔවුන් පන්දුවෙන් පිත්තෙන් වාගේම පන්දු රැකීමෙන්ද ඉහළ මට්ටමක සිටි බව ක්‍රිකට් විචාරකයින්ගේද මතය විය. මෙම තරගයත් ඉන්දියාවේ මුම්බාහි වංකඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මස්කෙළිය ගාඩ්මෝර් වතුයායේ විශාල නායයෑමක්

මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩ්මෝර් ප්‍රදේශයේ ගල් කන්ද පෞද්ගලික වතුයායේ සිදුවූ විශාල නායයෑමක් හේතුවෙන්, ඊට ඉහළින් පිහිටි වතු නිවාස පෙළක පදිංචිකරුවන් වහාම ක්‍රියාත්මක වන...

සජිත් අනෝජන් සමග දුරකථනයෙන් කතාකරයි

සෞදි අරාබියේ දී මරණ දඩුවම නියමවී සිටින ශ්‍රී ලාංකිකයකු වන සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී තිබෙනවා. ඒ කොළඹ පිහිටි...

ප්‍රබල Dujuan සුළි කුණාටුවෙන් ජපානයට දැඩි බලපෑම්

ජපානයට බලපා ඇති "දුජුආන්" (Dujuan) ප්‍රබල සුළි කුණාටුව සහ එල් නිනෝ තත්ත්වය හේතුවෙන් එරට ජනතාවට දැඩි බලපෑම් එල්ලව තිබේ. සුළි කුණාටුව ටෝකියෝ නගරය ආසන්නයට ගමන්...

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා පත් කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති ලෙස...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img