Friday, August 14, 2026
HomeNEWSතුන් හැවිරිදි දරුවෙකුට මරු කැඳවු කැකිරාවේ අනතුර

තුන් හැවිරිදි දරුවෙකුට මරු කැඳවු කැකිරාවේ අනතුර

කැකිරාවේ, කිලෝ මීටර් 79 කණුව අසල දී සිදුවු රිය අනතුරකින් කුඩා පිරිමි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඊයේ (07) සවස 5.30ට පමණ මාර්ගය අයිනේ නවතා තිබු කාර් රථයක් නැවත මාර්ගයට හැරවීමේ දී කැකිරාව දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයක් කාර් රථයේ ගැටී තිබේ.

පසුව ත්‍රීරෝද රථය මාර්ගයේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් යතුරුපැදියේ ගමන් කළ අඹුසැමි යුවළ හා වයස අවුරුදු 3ක් වු පිරිමි දරුවෙකු බරපතළ තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමේ දී දරුවා මියගොස් තිබේ.

එලෙස මියගොස් ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ ම පදිංචි දරුවෙක් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

අනතුරින් ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු හා පිටුපස ගමන් කළ කාන්තාවන් තිදෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබයි.

කැකිරාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මේ අතර ගලේවල, අඹේපුස්ස – ත්‍රීකුණාමලය මාර්ගයේ බෙලිගමුව ප්‍රදේශයේ දී සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

ගලේවෙල දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වු ටිපර් රථයක් හා ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබු ත්‍රීරෝද රථ රියදුරු ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමේ දී මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ වයස 46ක් වු පොතුහැර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපති එරික් මෙයර්

ශ්‍රී ලංකාවේ නව ඇමරිකානු තානාපතිවරයා ලෙස එරික් මෙයර් නිල වශයෙන් දිවුරුම් දෙයි: ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති කාර්යාලය .

හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ ගුණ සැමරේ

​​හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන ගුණසමරුව පැවැත්වෙයි හිටපු විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිරගාමර් මහතාගේ 21 වන අනුස්මරණය වෙනුවෙන් සංවිධානය කරන ලද දානමය පිංකම...

22කට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ජාත්‍යන්තරයට

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ (12) පෙරවරුවේ ශ්‍රී ලංකාවේ (කොළඹ) බ්‍රිතාන්‍ය මහකොමසාරිස් ඇන්ඩෘ පැට්ට්‍රික් (Andrew Patrick) මහතා හමුවීමෙන් පසු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මාධ්‍යයට දැක්වූ...

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක්

ජනපති සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අතර හමුවක් (12) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. පැයකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img