Sunday, November 8, 2026
HomeNEWSදහම් පාසල් දූදරුවන් ට විශේෂ දැනුම්දීමක්

දහම් පාසල් දූදරුවන් ට විශේෂ දැනුම්දීමක්

කල් දැමුණු දහම් පාසල් ශ්‍රේණි විභාගය 24 වන ඉරුදින පැවැත්වීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

බෞද්ධ කටයුතු කොමසාරිස් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සියලු ශාසනාරක්ෂක බලමණ්ඩල දැනුවත් කර ඇති බවය.

පසුගිය අප්‍රේල් මස 03 වන දින දහම් පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වීමට නියමිතව තිබු අතර ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් එය කල්දමනු ලැබීය.

මේ අතර රජයේ සහ රජයේ අනුමත සියලු පාසල්වල තෙවන වාරයේ පාසල් නිවාඩුව ඊයේ (06) දිනයේ සිට ලබාදෙනු ලැබීය.

අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ, නැවත පළමු වාරය සඳහා පාසල් ආරම්භය අප්‍රේල් මස 18 වන දින සිදුකරන බවය.

තෙවන පාසල් වාරය සඳහා පාසල් නිවාඩුව හෙට (08) දිනයේ සිට ලබාදීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද පවතින විදුලි කප්පාදුව සහ ප්‍රවාහන ගැටලුව හමුවේ එය ඊයේ දිනයේ සිට ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දිස්ත්‍රික්ක කිහිපයකටම අද(08) දින තද වැසි

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...

ඊශ්‍රායලයේ නව රජයක් පිහිටුවීමට අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ ප්‍රතිවාදිිි අයිසෙන් කාට්ට අවස්ථාවක්

ඊශ්‍රායල මහ මැතිවරණයෙන් කිසිදු පාර්ශවයකට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වීමෙන් පසු, නව රජයක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රතිවාදියා වන ගාඩි අයිසෙන් කාට්...

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img