Monday, August 31, 2026
HomeNEWSදළඳා වහන්සේ රකින්නා වගේ නැගෙනහිර පර්යන්තය රැකීමට ඉදිරිපත් වියයුතුයි -ඇල්ලේ ගුණවංශ හිමි

දළඳා වහන්සේ රකින්නා වගේ නැගෙනහිර පර්යන්තය රැකීමට ඉදිරිපත් වියයුතුයි -ඇල්ලේ ගුණවංශ හිමි

දළඳා වහන්සේ රකින්නා වගේ නැගෙනහිර පර්යන්තය රැකීමට ඉදිරිපත් වියයුතුයි -ඇල්ලේ ගුණවංශ හිමි

දළඳා වහන්සේ රැකගන්නා මෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි.

කෙසේවෙතත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ පවසා සිටියේ, ඉතාම සංවේගයෙන් සිටින කාලපරිච්ජේදයක් උදාවී ඇති බවය.

වැඩිදුරටත් අදහස් දැක්වු පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි,

“ඉතාම සංවේගයෙන් ඉන්න කාලපරිච්ජේදයක්. දළඳා වහන්සේ රකින්නා වගේ නැගෙනහිර පර්යන්තය රකින්න අපි ඉදිරිපත් වියයුතුයි. මේ රට ආරක්ෂා කළේ අවුරුදු 2500ක් පැරණි පක්ෂ දෙකක්. ඒ තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. ඒ පක්ෂ දෙක විනාශ කළේ මේ කාලකණ්ණි දේශාපාලනය. අද ඒකේ විපාක අපි විඳිනවා. මේ එන හැම ආණ්ඩුවක් ම අමෙරිකන්කාරයා, ඉන්දියන්කාරයා, චීන රට සතුටු කරන්න මහන්සි ගන්නවා මිසක් මේ ශ්‍රී ලංකාවේ ජනතාව සතුටු කරන්න කවදාද මහන්සි ගන්නේ.“

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත යෝජනාව පිළිබඳ රට තුළ මතුව ඇති විරෝධය ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සැලකිරීමේ අරමුණින් වරාය වෘත්තීය සමිති එකමුතුව අද (21) මෙරට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් රැගෙන ගියේය.

නමුත් එම මහ කොමසාරිස් කාර්යාලය සංදේශය භාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණි.

“ජාතික සම්පතක් පිළිබඳව මේ රටේ වෘත්තිකයින් භාරදෙන ලබාදෙන ලිපියක් භාර ගැනීමට අකමැති ඉන්දියාවට ලංකාවේ ආර්ථික මරමස්ථානයේ වැදගත් ම දේ ලබාදෙනවාද ?“ යනුවෙන් වරාය ඒකාබද්ධ වෘත්තිය සමිති එකමුතුවේ, ඉෂාන්ත දැල්තර ආරච්චි මහතා ප්‍රශ්න කර සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

උද්ධමනය ඉහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත උද්ධමනය ජුලි මාසයේ 7.3% සිට අගෝස්තු මාසයේ 8% දක්වා ඉහළට; ආහාර උද්ධමනය 6.3% සිට 8.5% දක්වා ඉහළට සහ ආහාර...

අගමැතිතුමිය භූතානයට

සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට සහභාගීවීමට අගමැතිතුමිය භූතානය බලා පිටත්ව යයි සවිඥානික ආහාර පද්ධති පිළිබඳ ගෝලීය සමුළුවට (Global Conscious Food Systems Summit - GCFSS)...

22කට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක්

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අහියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විසින් පංච...

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img