2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පත පිළිබඳ අද(08) දින පාර්ලිමේන්තු විවාදය අවසානයේ කාරක සභා අවස්ථාවේ ඉදිරිපත් කිරීමට නියමිත සංශෝධන පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙස දිනන දකුණ සාමූහිකය සියලු පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් ඉල්ලා සිටින්නෙමු.
ජාත්යන්තර මූල්ය අරමුදල (IMF) ප්රකාශ කර ඇත්තේ යෝජිත නව සංශෝධන මඟින් ශ්රී ලංකාවේ දූෂණ විරෝධී පනතේ පවතින ප්රධාන ආරක්ෂිත විධිවිධාන (safeguards) සහ විනිවිදභාවය දුර්වල වීමේ අවදානමක් පවතින බවයි.
2026 සැප්තැම්බර් මාසයේදී ශ්රී ලංකාවේ සංචාරයක නිරත වූ IMF නියෝජිත කණ්ඩායමේ ප්රධානී ඉවාන් පපගෝර්ජියු (Evan Papageorgiou) මහතා ඇතුළු කණ්ඩායම මේ පිළිබඳව සිය දැඩි කනස්සල්ලද නිල වශයෙන් මතු කරන ලදී.
මෙම පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්රම ව්යවස්ථාවට පටහැනි බවට
ශ්රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.එවන් පසුබිමක සිදුකරන සංශෝධන හෝ ඉවත් කිරීම් අප රටේ අනාගතය වෙනුවෙන් ඍජුවම බලපානු ඇත.එබැවින් ඒ එක් එක් සංශෝධන සඳහා වෙන් වෙන්ව ඡන්දය විමසීම සම්බන්ධයෙන් සළකා බලන්නැයි දිනන දකුණ සාමූහිකය අවධාරණය කරන්නෙමු.
එසේම,ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 79 වන ව්යවස්ථාව ප්රකාරව, පාර්ලිමේන්තුවේදී සම්මත වන ඕනෑම පනත් කෙටුම්පතක් නීතියක් බවට පත්වීම සඳහා කථානායකවරයා විසින් ඒ මත සිය සහතිකය සටහන් කළ යුතුය.
වත්මන් කථානායක වෛද්ය ජගත් වික්රමරත්න මහතාට එරෙහිව නිල නිවාස සහ වාහන පරිහරණය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් විමර්ශනයක් පවත්වන පසුබිමක නීතිමය වශයෙන් පනත සහතික කිරීමට බාධාවක් නොමැති වුවද, අල්ලස් කොමිසම මඟින් විමර්ශනයට ලක්වන කථානායකවරයෙකු විසින්ම දූෂණ විරෝධී පනතක් සහතික කිරීම සදාචාරාත්මක නොවන බව අප සාමූහිකයේ විශ්වාසයයි.
දිනන දකුණ සාමූහිකය වෙනුවෙන් නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.






















