Wednesday, November 11, 2026
HomeNEWSදින 10ක් තුළ කොවිඩ් මරණ 500ක්

දින 10ක් තුළ කොවිඩ් මරණ 500ක්

මෙරට සමස්ත කොවිඩ් – 19 ආසාදිත මරණ සංඛ්‍යාව 2,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ, දිනක් තුළ රජය තහවුරු කළ වැඩිම කොවිඩ් මරණ  සංඛ්‍යාව වන මරණ 101ක් වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කිරීමත් සමගය.

මෙරට කොවිඩ් මරණ සිදුවූ රටාව සලකා බලනවිට පළමු මරණ 500 වාර්තා වීමට දින 343ක් ගතවූ අතර දෙවැනි මරණ 500 වාර්තා වූයේ දින 72ක් තුළදීය.

නමුත් කොවිඩ් මරණ 1,000 සිට 1,500 දක්වා ඉහළ යාමට ගතවී ඇත්තේ දින 13කි.

ඉන් අනතුරුව 1,500 සිට 2,000 දක්වා ඇති මරණ 500 සිදුවීමට ගතවී ඇත්තේ දින 10ක් පමණක් බව එම මරණවල දත්ත සලකා බැලූ විට පැහැදිලි වේ.

මේ අතර, ස්පුට්නික් V එන්නත් මාත්‍රා 65,000ක් අද (11) අලුයම රුසියාවේ සිට මෙරටට රැගෙනවිත් තිබේ.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ ඒ අතරට ස්පුට්නික් දෙවන මාත්‍රා 15,000ක්ද අන්තර්ගත බවය.

එම දෙවන මාත්‍රාව මීට පෙර පළමු මාත්‍රාව ලබාදුන් පුද්ගලයින්ට ලබාදීමට නියමිත අතර ඉතිරි එන්නත්  50,000 මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලබාදීමට කටයුතු සම්පාදනය කෙරෙන බව ඔහු පැවසීය.

මේ අතර, කොළඹ දිස්ත්‍රික්කයට අයත් කොස්ගම ප්‍රදේශයේ පුද්ගලයින් සඳහා එන්නත්කරණ වැඩසටහන අද (11) කොස්ගම සුමේධ විද්‍යාලයේදී සිදුකෙරුණි.

සයිනොෆාම් දෙවන මාත්‍රාව ලබාදීම එහිදී සිදුවිය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සීතාවක ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් එම ස්ථානයට පැමිණ විරෝධය පළ කරනු දක්නට හැකි විය.

ඒ, ගම්පහ දිස්ත්‍රික්කයෙන් පැමිණි පුද්ගලයින්ටද එම ස්ථානයේ එන්නත ලබාදීමට පියවර ගෙන ඇතැයි චෝදනා කරමිනි.

මේ අතර, දොඩම්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවති එන්නත්කරණ වැඩසටහනට දකුණු පළාතෙන්ද පිරිස් පැමිණ ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කළ බව අප වාර්තාකරු පැවසීය.

ඒ හේතුවෙන් එම ස්ථානයේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට කෲස් මිසයිල 03 ක් එල්ල කරයි

හූති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ රියාද් දෙසට එල්ල කළ කෲස් මිසයිල 03 ක්, ඉලක්ක වෙත ළඟාවීමට පෙර තම ගුවන් ආරක්ෂක පද්ධති මගින් විනාශ කළ...

අනෝජන්ට නිදහස හිමිවී ඇති බව ඇමති විජිත ඔහුගේ පවුලේ ඥාතීන්ට දැනුම් දෙයි

අනෝජන් සිවරාසා නිදහස්! සෞදි අධිකරණයෙන් චෝදනා ලැබ සිටි අනෝජන් සිවරාසා නිදහස් කෙරේ. ඉදිරියේදී ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව විදේශ කටයුතු, විදේශ...

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී

බිම්ස්ටෙක් ප්‍රථම සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුව කොළඹදී... කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය (NIHS) පදනම් කරගනිමින් බිම්ස්ටෙක් කලාපීය මහජන සෞඛ්‍ය ආයතනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟතාවක්. බෙංගාල බොක්ක ආශ්‍රිත...

අධික වැසි සමඟ කොළඹ මාර්ග කිහිපයක් ජලයෙන් යටවෙයි

අධික වැසි සමඟ කොළඹ, මාලිගාවත්ත, සංඝරාජ මාවත, ඛෙත්තාරාම අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවීම නිසා, රථවාහන තදබදයක්. ආමර් බාබර්, නවම් මාවත, බොරැල්ල අවට මාර්ග කිහිපයකත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img