Friday, November 13, 2026
HomeNEWSදිවයින පුරා ආකර්ෂණීය නව සංචාරක ස්ථාන

දිවයින පුරා ආකර්ෂණීය නව සංචාරක ස්ථාන

දිවයින පුරා ආකර්ෂණීය නව සංචාරක ස්ථාන

නුවරඑළියට සංචාරක කළාපයක්.

➢ හග්ගල උද්භිද උද්‍යානය පරිසර හිතකාමී සංචාරක කළාපයක් බවට පත් කෙරේ.

➢ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු වලට කඩිනම් විසදුම්.

දිවයින පුරා ආකර්ෂණීය නව සංචාරක ස්ථාන 6059 ක් හදුනාගැනේ. එම සංචාරක ස්ථාන දෙස් විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිත කිරීමට විශේෂ වැඩ සටහනක් ක්‍රියාත්මක කර ඇතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

මෙම නව සංචාරක ස්ථාන පරිසර හිතකාමී ස්ථාන බවත් වනජීවි, වනසංරක්ෂණ, පුරා විද්‍යා වැනි ආයතන සමග සම්බන්ධීකරණය කර ඒවා දියුණු කිරීමට අපේක්ෂා කරන බවත් පැවසූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙරටට පැමිණෙන සංචාරකයන් වැඩි කාලයක් රට තුළ රදවා ගැනීමට ව්‍යාපෘතියේ අරමුණ බව ද සදහන් කළේය.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු සාකච්ඡාවට අද (26) එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මෙම රැස්වීම පැවැත්විණ.

මෙහිදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් සදහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පමණක් නව ආකර්ෂණීය සංචාරක ස්ථාන 318 ක් හදුනාගෙන ඇති බවයි. නුවරඑළිය කේන්ද්‍ර කරගනිමින් සංචාරක කළාපයක් ප්‍රකාශයට පත් කිරීමට ඉදිරියේ දී කටයුතු කෙරේ. නුවරඑළිය, ලියන්වෙල හා ලක්ෂපාන ගම්මාන ආශ්‍රිත ව ප්‍රජා සංචාරක ගම්මාන 03ක් ද ස්ථාපිත කිරීමට අපේක්ෂිතයි. හග්ගල උද්භිද උද්‍යාන ආශ්‍රිත ව පරිසර හිතකාමී සංචාරක කළාපයක් ප්‍රකාශයට පත්කිරීමට ද අවධානය යොමුව ඇතැයි ඇමතිවරයා මෙහි දී කීවේය.

නානුඔය සිට නුවරඑළිය දක්වා කේබල් කාර් ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කෙරේ. ඒ සදහා යුරෝ මිලියන 52 ක මුදලක් වැය කෙරෙන අතර ඊට අදාළ ඉදිරි කටයුතු ද සිදු කෙරෙමින් පවතින බව ඇමතිවරයා මෙහිදී අනාවරණය කළේය.

ඇමති සි.බි.රත්නායක මහතා මෙහි දි සදහන් කළේ දිස්ත්‍රික්කයේ ඉඩම් ගැටළු කඩිනමින් විසදීමට කටයුතු කරන බවයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් ඉඩම් අක්කර දහසක් පමණ වතු සමාගම් විසින් අනවසරෙන් පරිහරණය කරන බවද මෙහි දී අනාවරණය විය. මේ සදහා වැවිලි, ඉඩම්, කෘෂිකර්ම අමාත්‍යාංශ ඒකාබද්ධ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද තීරණය කෙරිණ. නුවරඑළිය දිස්ත්‍රික්කයේ පාංශු සංරක්ෂණ කටයුතු සදහා මිලියන 10 ක් වෙන් කිරීමට පියවර ගැණින.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 200ක පවුල් නගා සිටුවීමේ විශේෂ ව්‍යාපෘතියක් සමෘද්ධි ව්‍යාපාරය මගින් ක්‍රියාත්මක කෙරේ. ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීම සදහා ව්‍යාවසායක හැකියාව ඇති කාන්තාවන් සවිබල ගැන්වීමේ විශේෂ ව්‍යාපෘතියක් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කිරීමට ද මෙහිදී තීරණය කෙරිණ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටළු විසදීම සදහා කඩිනම් පියවර ගැනීමට ද මෙහි දී තීරණය කෙරිණි. රාජ්‍ය ඇමති දිළුම් අමුණුගම මහතා කීවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ බස්රථ 100 බැගින් ගෙන්වීමට තීරණය කර ඇති බවයි. ඊට වැඩි සංඛ්‍යාවක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රවාහන කටයුතු සදහා ලබාදීමට රාජ්‍ය ඇමතිවරයා මෙහි දී එකගතාවය පළ කළේය.

දිස්ත්‍රික්කයේ කෘෂිකර්ම සංවර්ධනය සදහා ද පියවර ගැනේ. පොහොර භාවිතය විධිමත් කිරීම, කල් තබා ගැනීමේ තාක්ෂණය ප්‍රවර්ධනය, පසු අස්වනු හානිය අවම කිරීම සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණ. ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ ලබන මාසයේ සිට දුම්රියෙන් එළවළු ප්‍රවාහනය ආරම්භ කිරීමට රජය සුදානම් බවයි. ඒ අනුව නුවරඑළියේ සිට කොළඹට එළවළු ප්‍රවාහන කටයුතු ආරම්භ කරන බව ද ඇමතිවරයා කීවේය.

මෙම රැස්වීමට එස්.වියලේන්ද්‍රන්, දිළුම් අමුණුගම යන රාජ්‍ය අමාත්‍යවරුන් සහ සියළුම දිස්ත්‍රික් ලේකම්වරු ද එක් ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා සංශෝධිත ජාතික විෂයමාලා රාමුව පිළිබඳ අධ්‍යාපන නිලධාරීන් සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංශෝධිත ජාතික...

තරුණ පරම්පරාව අයවැයෙන් සම්පූර්ණයෙන්ම අමතක කරලා- එජාප සභාපති වජිර

එක්සත් ජාතික පක්ෂ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී අයවැය සම්බන්ධයෙන් ඊයේ දින(12) කළ විශේෂ ප්‍රකාශය. මේ ඉදිරිපත් කර තිබෙන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img