පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර, දොළුව, උඩුදුම්බර, ගඟ ඉහළ කොරළය, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරණායක, මාවනැල්ල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත්,මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, අඹගමුවකොරළය, ලග්ගල පල්ලේගම, විල්ගමුව, උකුවෙල, යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා සහ රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය අද පස්වරු 08.30 සිට හෙට පස්වරු 08.30 දක්වා ක්‍රියාත්මක බවද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.






















