Monday, September 21, 2026
HomeNEWSදිස්ත්‍රික්ක තුනක් කොවිඩ් අධි අවදානම් කලාප ලෙස PHI සංගමය නම් කරයි

දිස්ත්‍රික්ක තුනක් කොවිඩ් අධි අවදානම් කලාප ලෙස PHI සංගමය නම් කරයි

කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක අධි අවදානම් දිස්ත්‍රික්ක බවට පත්ව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

එම දිස්ත්‍රික්කවලින් දෛනිකව වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

එහිදී ඔහු පැවසුවේ, “ලංකාවේ මේ මොහොතේ තිබෙන තත්ත්වය ඉතාම අවදානම්. බස්නාහිර සහ වයඹ පළාතේ ඇතැම් ස්ථාන වගේම ලංකාවේ වෙනත් ප්‍රදේශවලත් කොවිඩ් පොකුරු වර්ධනය වෙමින් ආසාදිතයින් සීඝ්‍රයෙන් වාර්තා වෙමින් පවතිනවා. මේ සති අන්තයේ ඉතාමත් වගකීමෙන් කටයුතු කරන්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි අපේක්ෂා කළා යම් තරමක හෝ සංචරණ සීමා පනවයි කියලා. නමුත් එම තත්ත්වයක් මේ වන තුරු පෙනෙන්නට නෑ. මේ ත්ත්වය යටතේ මහජනතාවට 100ට සියක්ම වගකීම පැවරෙනවා ජීවිත සහ සෞඛ්‍ය ආරක්ෂාකර ගැනීමට”.

එමෙන්ම ඉස්ලාම් බැතිමතුන්ගේ රාමසාන් උත්සව පැවැත්විම සඳහා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

පවතින අවදානම් තත්ත්වය නිසි ආකාරව හඳුනා ගනිමින් ඉතාමත් වගකීමෙන් කටයුතු කරන ලෙසට සියලුම ආගමික නායකයින්ගෙන් සහ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා සඳහන් කළේය.  

මේ අතර, මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂයට ආසන්න වී තිබේ.

ඊයේ(23) මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 969 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඉන් ආසාදිතයින් 38 දෙනෙකු විදේශයන්හි සිටි පැමිණි පුද්ගලයින්ය.

අනෙක් ආසාදිතයින් සියලු දෙනා මෙරටින් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 99,691 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

සමස්ත ආසාදිතයින්ගෙන් 94,036 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර තවත් ආසාදිතයින් 5021 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මේ වන විට මෙරට පුද්ගලයින් 634 දෙනෙකු මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී ඇති බව කථානායක කාර්යාලය පවසයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ අනතුරක්.. පාසල් ළමුන් ඇතුළු 10 දෙනෙකුට තුවාල

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම සහ දොඩංගොඩ අතර වාහන 08 කට ආසන්න සංඛ්‍යාවක් ගැටී සිදුවූ අනතුරකින් පාසල් ළමුන් 6 ක් ඇතුළු 10 දෙනෙකු තුවාල ලබා...

සහනාධාරයක් ලබාදී තෙල්මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරැස්ස රැළියට එක්වෙමින් කියයි.

ලෝක වෙළඳප‍ළේ ඉන්ධන මිල ඉහළයාම හේතුවෙන් ඔක්තෝබර් මාසයේ මිල ඉහළ දැමිය යුතු වුවත් සහනාධාර ලබාදී මිල පාලනය කිරීමට අපේක්ෂා කරන බව ජනපති අකුරුස්ස රැළියට...

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත්-විපක්ෂ නායක සජිත්

ආණ්ඩුවේ විධායක බලතල සහ 2/3ට වඩා ජන බලය බලවත් කියා අමතක නොකළ යුතුයි-විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති සේම පාර්ලිමේන්තුවේ 2/3ක් සහ පළාත් පාලන ආයතන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img