Saturday, August 29, 2026
HomeNEWSදිස්ත්‍රික්ක 20කින් කොවිඩ් ආසාදිතයින්

දිස්ත්‍රික්ක 20කින් කොවිඩ් ආසාදිතයින්

දිස්ත්‍රික්ක 20කින් කොවිඩ් ආසාදිතයින්

කොවිඩ් -19  ආසාදිතයින් 706 දෙනෙකු ඊයේ (04) දිනයේ අලුතින්  හඳුනාගෙන තිබේ.

ඉන් ආසාදිතයින් 704 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් වනඅතර සෙසු ආසාදිතයින් දෙදෙනා විදෙස්ගතව සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 706 දෙනා අතරින් අසාදිතයින් 277 දෙනෙකු හඳුනාගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. 

කොළඹ දිස්ත්‍රික්කයට අයත් කඩුවෙල , මොරටුව, මට්ටක්කුලිය, ග්‍රෑන්ඩ්පාස්, කුරුඳුවත්ත, පිටකොටුව, අවිස්සාවේල්ල, පිළියන්දල, නුගේගොඩ, හෝමාගම සහ වැල්ලවත්ත යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් වැඩි වශයෙන් කොවිඩ් ආසාදිතයින් ඊයේ වාර්තා වී තිබුණි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 67,115 දෙනෙකු දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ දිනය වනවිට කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලැබූ පුද්ගලයින් 684 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 60,567 දෙනෙකු දක්වා ඉහළගොස් ඇත.

කෙසේවෙතත් කොවිඩ් ආසාදිත 6,209 දෙනෙකු තවදුරටත් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.

මේ දක්වා මෙරට සිදුවූ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 339 දක්වා ඉහළගොස් තිබේ.

ඊයේ වන ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින්,

කොළඹ – 277
මහනුවර – 101
ගම්පහ – 92
බදුල්ල – 53
කුරුණෑගල – 44
කළුතර – 37
ගාල්ල – 21
පුත්තලම – 13
රත්නපුර  – 10
අනුරාධපුරය – 10
නුවරඑළිය – 10
මාතලේ – 09
මන්නාරම – 06
හම්බන්තොට – 05
කෑගල්ල – 04
මොනරාගල – 04
පොළොන්නරුව – 03
මඩකලපුව – 02
වවුනියාව – 02
ත්‍රීකුණාමලය – 01

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යළිත් ආරම්භ කෙරේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය රජය සමයේ අතහැර දමා තිබුණු සෙත්සිරිපාය තුන්වන අදියරේ ඉදිකිරීම් යලිත් ආරම්භ කෙරේ.....! ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, රාජ්‍ය ආයතන...

නැවතත් බොරු කියන්න ජනපති රට වටේ රැස්වීම් තියන්න හදනවා – විපක්ෂ නායක සජිත්

පසුගිය මැතිවරණ 03ටම පෙර වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ මැති ඇමතිවරු කුඹුරට බැස ගොයම් කකා වී කිලෝවක් සඳහා රු. 150ක සහතික මිලක් රටේ නීතිය බවට...

නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට

පූනාගල, කබරගල නායයෑමෙන් නිවාස අහිමි වූ පවුල් 50ක් වෙනුවෙන් ඉදිකළ “නවෝදයාගම” නිවාස ව්‍යාපෘතිය ජනපති අතින් ජනතා අයිතියට මේ රටේ ඉපදී, රටේ ආර්ථිකයට දායකවී, මේ මහපොළවටම...

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදීත් හෙල්ල විසිකිරීමේ පළමු ස්ථානය රුමේෂ් තරංගට

සූරිච් ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී රුමේෂ් තරංග හෙල්ල විසි කිරීම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගනී. (දක්ෂතාව 92.07m) 2 වන ස්ථානය ග්‍රෙනඩාහි ඇන්ඩර්සන් පීටර්ස්3...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img