විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රිය ගාස්තු අද (24) රාත්‍රීයේ සිට වැඩි නොවන බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ අදාළ ගාස්තු සංශෝධනයට ගෙන තිබූ තීරණය දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාට දැනුම්දී තමා අත්හිටවූ බවය.
ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අවශ්‍ය තොරතුරු අමාත්‍යාංශයට ලැබීමට පෙර එසේ ගාස්තු සංශෝධනයට තීරණය ගෙන තිබූ බවය.
ඒ අනුව ගාස්තු සංශෝධනය ගැන අද රාත්‍රියේ සාකච්ඡා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.
ඉන්පසු ලබන සඳුදා හෝ අඟහරුවාදා අවසන් තීරණය දැනුම් දීමට කටයුතු කරන බවද අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසීය.
දුම්රිය ගාස්තු වැඩි කරනුයේ ඉන්ධන මිල වැඩිවීම පියවා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට පමණක් බවද ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.






















