Thursday, November 26, 2026
HomeNEWSදූෂණයට එරෙහි සටනේ ජාත්‍යන්තර සහයෝගීතාවයට නව නැම්මක්

දූෂණයට එරෙහි සටනේ ජාත්‍යන්තර සහයෝගීතාවයට නව නැම්මක්

දූෂණයට එරෙහි සටනේ ජාත්‍යන්තර සහයෝගීතාවයට නව නැම්මක්! 🇱🇰🤝🇷🇺
ශ්‍රී ලංකාවේ දූෂණයට එරෙහි සටනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 2026 නොවැම්බර් 26 වන අද දින, රුසියානු සමූහාණ්ඩුවේ නීතිපති ගරු ඇලෙක්සැන්ඩර් ගුත්සාන් මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති, ගරු විනිසුරු නීල් ඉද්දවල මැතිතුමා අතර, කොළඹදී අවබෝධතා ගිවිසුමකට (MoU) අත්සන් තැබිණි. එය දෙරටේ ආයතනික සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක ආරම්භය සනිටුහන් කරයි.මෙය හුදෙක් ගිවිසුමකට අත්සන් තැබීමක් පමණක් නොව, අවංකභාවය හා යහපාලනය ශක්තිමත් කිරීම, දැනුම හා විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ ජාත්‍යන්තර සහයෝගීතාව තුළින් දූෂණයට එරෙහිව එක්ව සටන් කිරීම සඳහා දෙපාර්ශ්වයම තබන ලද අර්ථවත් පියවරකි.
විනිසුරු නීල් ඉද්දවල මැතිතුමා එහිදී අවධාරණය කළ පරිදි,“දූෂණයට දේශසීමා නැති බවත්, එබැවින් දූෂණයට එරෙහි සටනට ද දේශසීමා නොතිබිය යුතු බවයි .”

##අවංකභාවය, වගවීම සහ දූෂණයෙන් තොර අනාගතයක් උදෙසා… අපි එක්ව පෙරට!##

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රෝහිත රාජපක්ෂගෙන් FCIDයට පැය 5ක ප්‍රකාශයක්

සුප්‍රීම් සැට් චන්ද්‍රිකා ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බාල පුත් රෝහිත රාජපක්ෂගෙන් අද(26) දින FCID ය ප්‍රකාශයක් සටහන්කර...

ලෝක වෙළඳපොළෙහි බොරතෙල් මිල ඉහළට

ලෝක බොරතෙල් මිල ඉහළ ගොස් බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඇ.ඩො. 94.56 ලෙස සහ WTI බැරලයක් ඇ. ඩො. 84.05ක් ලෙස සටහන් වෙයි.

සාකච්ඡා අසාර්ථකයි..30 වෙනිදා ගුරු- විදුහල්පති අසනීප නිවාඩු

අග්‍රාමාත්‍යවරිය සමඟ අද (25) පැවති සාකච්ඡාවලින් විසඳුමක් නොලැබීම නිසා, 11/30 අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයේ වෙනසක් නැහැ: ගුරු - විදුහල්පති වෘත්තිය සමිති සන්ධානය.

විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව පනවා ඇති විදෙස් ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img