Sunday, October 25, 2026
HomeNEWSLatest Newsදෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම - සිමෙන්ති - සීනි - ඖෂධ වැනි...

දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම – සිමෙන්ති – සීනි – ඖෂධ වැනි කර්මාන්ත ආශ්‍රිතවශ්‍රී ලංකා -පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ සූදානමක්

දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම – සිමෙන්ති – සීනි – ඖෂධ වැනි කර්මාන්ත ආශ්‍රිතව ශ්‍රී ලංකා –  පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ සූදානමක්

දෙරටටම වාසිදායක වන සේ පේෂකර්ම – සිමෙන්ති – සීනි – ඖෂධ වැනි කර්මාන්ත ආශ්‍රිතව ශ්‍රී ලංකා –  පාකිස්ථාන හවුල් සමාගම් ඇරඹීමේ හැකියාව පවතින බවත් ඒ සඳහා පාකිස්ථාන ආයෝජකයන් කැමැත්තෙන් සිටින බවත් පාකිස්ථාන මහ කොමසාරිස් විශ්‍රාමික මේජර් ජනරාල් මුහම්මඞ් සාද් කතක් මහතා පැවසීය. 
ඒ සඳහා ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමේ දී ආයතනික සහ  නීතිමය බාධාවන් පවතින බවත් එවැනි බාධාවන් ඉවත් කර දීමේ හැකියාවක් වත්මන් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාට තිබෙන බව තම විශ්වාසය බවත් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය. 
අද (15) 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී පාකිස්ථාන මහ කොමසාරිස්වරයා කර්මාන්ත අමාත්‍යවරයා හමු වූ අවස්ථාවේ දී මෙම අදහස් පළ විය.
එහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ එවැනි බාධාවන් පැවතීම පිළිබඳව තමන් කනගාටු වන බවය. ඒවා ජය ගනිමින් ඒවාට පිළියම් යෙදිය හැකි බැවින් අදාළ රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගෙන් ද සමන්විත ශ්‍රී ලංකා – පාකිස්ථාන් ද්විපාර්ශ්වික කමිටුවක් පිහිටුවීමට ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලය සමඟ සාකච්ඡා කරන බවය. 
දෙරට අතර වාර්ෂිකව ඩොලර් බිලියන 01ක ආනයන – අපනයන වෙළඳාමක් සිදු කළ හැකිව තිබිය දී සාමාන්‍යයෙන් වාර්ෂිකව සිදුු කෙරෙන්නේ ඩොලර් මිලියන 450 – 500 අතර වෙළඳාමක් බවත් එය දෙරටටම වාසිදායක වන සේ ඉහත අගය දක්වා වැඩි කර ගත හැකි බවත් ද මෙහි දී ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස්වරයා පෙන්වා දුන්නේය. 
වත්මන් රජය සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් ශ්‍රී ලංකාවේ කර්මාන්ත ගොඩගැනීම සඳහා හිතකර ව්‍යාපාරික පරිසරයක් නිර්මාණය කිරීමේ දී කලාපීය හා ජාත්‍යන්තර සැපයුම් ජාලය හා සම්බන්ධ වෙමින් එය කළ යුතු බවත් එහි දී පාකිස්ථානය වැනි මිත්‍රයකුගේ සහයෝගය ඉතා වැදගත් බවත් මෙහි දී අමාත්‍යවරයා අවධාරණය කළේය. 
පාකිස්ථානය, ශ්‍රී ලංකාවේ සෑම දුෂ්කර අවස්ථාවකදීම සිටි මිත්‍රයකු බවත් ඒ මිත්‍රත්වය වර්තමානයේ මෙන්ම අනාගතයේ දී ද ඉතාමත් ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු බවත් අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය. 
මෙම අවස්ථාවට පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ දෙවන ලේකම් (දේශපාලන) අයේෂා අබු බකර් ෆහඞ්, වෙළඳ හා ආයෝජන අංශයේ ප්‍රධානී, අස්මා කාමල් යන මහත්මීහු සහ අමාත්‍ය උපදේශක සුනිල් හෙට්ටිආරච්චි, අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම්, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ යන මහත්වරු ද එක්ව සිටියහ. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි.. ශ්‍රී ලංකාවටත් බලපෑම්

බෙංගාල බොක්කේ පීඩන අවපාතය මෑත කාලීනව කලාපයට බලපාන චණ්ඩ සුළි කුණාටුවක්ව (අර්නාබ්) බාපට්ලා සහ විශාකාපට්නම් අතර ප්‍රදේශයෙන් (10/28) ගමන් කිරීමට ඉඩ ඇතැයි වාර්තා වෙයි.එහි...

තලල්ලෙන් හමුවූ මත්ද්‍රව්‍ය අතර රුපියල් කෝටි 450කට අධික අයිස්

මාතර - තලල්ල වෙරළේ දී හමු වූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කි:ග්‍රෑ: 500 ට අධික බව, ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර කියයි.මාතර -...

NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයින්ට ඇරයුමක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයේ හවුල්කරුවන් වන්න” – NDTV World Summit හිදී නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහගෙන් ජාත්‍යන්තර ආයෝජකයන්ට ඇරයුමක් ශ්‍රී ලංකාව කලාපීය වෙළෙඳ, කර්මාන්ත හා ආයෝජන...

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල උත්සවයකට ප්‍රහාරයක්

ජෝර්දානයේ කතෝලික දේවස්ථානයක පැවති අවමංගල්‍ය උත්සවයකට, තුවක්කුකරුවන් පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ප 7 ක් මරුට; 40 කට තුවාල : විදෙස් මාධ්‍ය.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img