Sunday, November 8, 2026
HomeNEWSදෙවනි රැල්ලට සූදානමින් ඉන්න - අනුර කුමාර

දෙවනි රැල්ලට සූදානමින් ඉන්න – අනුර කුමාර

ආණ්ඩුව පලවාහැරිමේ දෙවන රැල්ල සුනාමියක් මෙන් ඉදිරියට ගෙනඑන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

අම්බලන්තොට පැවැති විරෝධතාවයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ජනපීඩක ආණ්ඩුව පන්නමු මැයෙන් ජාතික ජන බලවේගය එය සංවිධානය කර තිබුණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්  අම්බලන්තොට මල්පෙත්තා මන්සංධියෙන් අරම්භ වු විරෝධතා පාගමන අම්බලන්තොට නගරය දක්වා ගමන් කළේය.

පාගමන අවසානයේ විරෝධතා රැලියක් පැවැත්වුණි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා,

“ආර්ථිකය හැකිලෙනවා.. රස්සා නැතුව යනවා. මුදල් අච්චු ගහන්න වෙනවා. උද්ධමනය ඉහළ යනවා. මේ අනතුරට අපි එමින් තිබෙන්නේ.”

“මේ අර්බුදයෙන් ගොඩඑන්න නම් ජනතාව විශ්වාස කරන විශ්වාසනීය ස්ථාවර පාලනයක් ගේන්න ඕනේ.” 

“මේකෙන් ජනතාව මුදවාගන්න නම් අපි පාලන බලය අතට ගත යුතුමයි..මතක තබාගන්න.”

“දිනය කියන්නේ අපි නෙමෙයි ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ වැඩේ ලෑස්තියි… ඕකේ කිව්වොත්..අන්න එදාට දිනේ ප්‍රකාශයට පත්කරනවා.”

“මුළු හම්බන්තොටම නගරයේ බස්සන්න පුළුවන් ද?. එහෙනම් හොඳයි.. අපි ගිහින් පණිවුඩය කියන්නම් හම්බන්තොට නම් ලෑස්තියි කියලා. අනික් ඒවා ටිකත් මැනලා බලන්න ඕනේ.”

“දැන් අපි දෙවනි රැල්ල පටන් ගත්තා. දෙවනි රැල්ල මහා ජන සුනාමියක් ලෙස පළවෙනි රැල්ලටත් වඩා වර්ධනය කරන බවට අපිට සහතිකයි.”

“පොලීසිය හමුදාවට අපි ආරාධනා කරන්න  ඕනේ. කිසිකෙනෙක් තරහා කරගන්න එපා.”

“ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාට කතා කරන්න.. එක්සත් ජාතික පාක්ෂිකයාට කතා කරන්න… මොකද පෝලිමේ ඉන්නේ ජෙවීපී එක්කෙනා විතරද?… නෑ අපි ඔක්කොම පෝලිමේ.”

“මේ ව්‍යවසනය අපි හැමෝටම පොදුයි.. එහෙනම් අපි සමගි වෙලා ඉදිරියට එන්න ඕනේ. අපි සියලු පාක්ෂිකයින්ට ආරාධනා කරනවා ඒ සමගියට මෙතනට එන්න කියලා.”
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img