මීගමුවේ දරුවන් සඳහා ඇති ක්රීඩාංගණයක පෞද්ගලික ව්යාපාරිකයකු සංචාරක හෝටලයක් ඉදිකිරීමට සූදානම් වන බව කියන සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා ධීවර අමාත්ය ඩග්ලස් දේවානන්ද මහතා අද (17) එම ප්රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
එම අවස්ථාවට ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මිය ද එක්ව සිටියාය.
ප්රදේශවාසීන් චෝදනා කර තිබුණේ නිලධාරීන් ද ව්යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටින බවය.
ගම්පහ දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක මහත්මියට ද චෝදනා කළ ප්රදේශවාසීන් පවසා සිටියේ,
“එයා මේකට අලුතෙන් නමක් දාලා රැජින දූපත කියලා. මේකෙ එහෙම කිසිම නමක් තිබුණෙ නෑ. අපේ ආච්චිලත් මේකෙ තමයි හිටියේ. මේකෙ මුල්ම නම කුට්ටිකාඩු. අපේ දරුවන්ට මෙතන සෙල්ලම් කරන්න එපා කියලා පාරේ ගිහින් සෙල්ලම් කරන්න කිව්වා,” යනුවෙනි.
මෙම අවස්ථාවේ එහි රැඳී සිටි ගම්පහ දිසා වන නිලධාරීනී දේවානි ජයතිලක මහත්මිය එතැනින් පිටව යෑමට උත්සාහ කළ විට ඇයට ප්රදේශවාසීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවිය.
ඒ අනුව ඇය සිද්ධිය සම්බන්ධයෙන් මාධ්යට අදහස් පළ කළ නොහැකි බව පවසමින් එම ස්ථානයෙන් පිටව ගියාය.






















