රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසන් කිරීම අරගලයේ එක් අරමුණක් බව අරගලකරුවන් කිහිපදෙනෙකුම මාධ්‍ය හමුවලදී පැවසුවේ අරගලය පැවති කාලයේදීය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට සම්බන්ධ එක් අරගලකරුවෙකු යූටියුබ් චැනලයකට ප්‍රකාශ කළේ අරගලයේ ප්‍රධාන අරමුණ රාජපක්ෂවරුන් පන්නා දැමීම බවත් ඔවුන් දේශපාලනයෙන් ඉවත් කිරීමට විශාල වශයෙන් සහයෝගය ඔවුන්ට ලැබෙන බවයි.
විශාල වශයෙන් සහයෝගය ලැබෙනවා යනුවෙන් එම අරගලකරුවා ප්‍රකාශ කළේ ප්‍රධාන වශයෙන්ම අරගල විරෝධතා සිදුකිරීම සඳහා විශාල වශයෙන් මුදල් ලැබෙන බවයි.
කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට දේශපාලන නායකත්වය ලබාදීම රාජපක්ෂවරුන් සමඟ කොටි හිතවාදීන්ට තිබෙන ඇරියස් එක පිරිමසා ගැනීමට ලැබුණු ස්වර්ණමය අවස්ථාව කොවිඩ් ලෝක වංසගතය සමඟ ඇති වූ ලෝක ආර්ථීක අර්බුදයයි.
මෙවැනි ආර්ථීක අර්බුදයක් නැවත පහසුවෙන් ඇතිනොවන නිසා කළ දුටු තැන වළ ඉහගැනීමේ න්‍යාය අනුව රාජපක්ෂවරුන්ට එරෙහි මෙහෙයුම උපායශීලිව ක්‍රියාත්මක විය.
ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් “Gota go home” සටන් පාඨය කරළියට පැමිණයද ඔවුන්ට සැබෑවටම අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂ,බැසිල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ දේශපාලනයෙන් ඉවත් කිරීමටය.
රාජපක්ෂවරුන්ගේ න්‍යෂ්ටිය මහින්ද රාජපක්ෂ බව දන්නා එම සැලසුම්කරුවන්ට අවශ්‍ය වූයේ මහින්ද රාජපක්ෂ අග්රාමාතධුරයෙන් ඉවත් කර ගැනීමටය. ඉන්පසුව ගෝඨාභය රාජපක්ෂ ඉවත් කරගැනීම ඉතා පහසුවනු ඇත. මහින්ද රාජපක්ෂ මැයි 09 වැනිදා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත් නොකළේ නම් අදටත් මේ රටේ ජනාධිපතිවරයා ගෝඨාභය රාජපක්ෂයි.
ඒ ගැන වෙනම කතා කළ යුතුයි. නමුත් මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ සමඟ නාමල් රාජපක්ෂද දේශපාලනයෙන් ඉවත් කිරීමේ සැලසුම ක්‍රියාත්මක කෙරුණේ අද ඊයේ නොවේ.
2015 ජනවාරි 08 වැනිදායින් පසුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව යහපාලන ආණ්ඩුව යටතේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන සංශෝධන ඉදිරිපත් කළ අතර එහිදී නාමල් රාජපක්ෂගේ දේශපාලනයටද යම් යම් බලපෑම් එල්ලකරීමට උත්සාහ කළ බව රහසක් නොවේ.
නාමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතැයි බියෙන් ජනාධිපති අපේක්ෂකධුරයට සුදුසුකම් ලබාගැනීම සඳහා වයස් සීමාවක්ද පැනවීමට ක්‍රියා කළ බව නොරහසකි.
ඉන් අනතුරුව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය (FCID) ස්ථාපිත කළේද රාජපක්ෂවරුන් දඩයම් කිරීමට බව රහසක් නොවේ.
මෙහිදීත් FCID වැඩිම අවධානයක් යොමුකළේ නාමල් රාජපක්ෂටය. නාමල් කොටුකරගැනීම සඳහා FCID වැඩි මහන්සියක් ගනිමින් නඩු කිහිපයක්ම ගොනුකළේය.
FCID එවකට ප්‍රධානී රවී වෛද්යාලයකාර පුවත්පත්පත් කිහිපයකටම ප්‍රකාශ සඳහන් කරමින් කියා සිටියේ FCID මෙහෙයුම් සඳහා දැඩි දේශපාලන බලපෑම් සිදුවූ බවයි.
එවකට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ධුරයෙහි වැඩකළ සුහද ගම්ලත් ද කියා සිටියේ පුද්ගලයින් ඉලක්ක කරගෙන නඩු ගොනු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවට විශාල වශයෙන් දේශපාලන බලපෑම් එල්ල වූ බවයි.
නාමල් රාජපක්ෂට එරෙහි ඇතැම් නඩු විභාගවන විට ඇතැම් සාක්ෂිකරුවන්ගේ සාක්ෂි පරස්පර විරෝධී බවටද මාධ්‍යවල වාර්තා පළවිය.
නාමල් go home යනුවෙන් කවුරුත් කීවේ නැත. නමුත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යධුරයෙන් නාමල් රාජපක්ෂට ඉවත් වීමට සිදුවූයේ ඔහු කළ වරදකට නොවේ.
ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළු ක්‍රීඩාවල තත්ත්වයන් දුෂ්කරතා රැසක් මධ්‍යයේ ගොඩනගිමින් සිටියදී තමන්ගේ හොඳම කාලයේදී තමාට හිමිවූ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට නාමල් තීරණය කළේද දේශපාලන වශයෙන් ඕනෑම තත්ත්වයකට තමා ඔරොත්තු දෙන බවද පෙන්වමිනි.
ඇතැම් රාජපක්ෂවරුන්ගේ දේශපාලනය අවසන් කිරීමට ඇතැම් පිරිස් සැලසුම් කළද නාමල් රාජපක්ෂගේ දේශපාලනය එසේ නතර කිරීමට හැකිද කියා තවම අනාවැකි පළකිරීමට නොහැකිය. නමුත් එම තීරණය ඇත්තේ නාමල් රාජපක්ෂගේ අතේය.






















