Wednesday, August 26, 2026
HomeNEWSදේශපාලන පළිගැනීම් සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශයක් බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

දේශපාලන පළිගැනීම් සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශයක් බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

දේශපාලන පළිගැනීම් සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශයක් බලරහිත කරන්නැයි ඉල්ලා පෙත්සමක්

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් නිකුත් කර තිබෙන නිර්දේශයක් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා දින නියම කර තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ පෙත්සම සළකා බැලුනි.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ආර්.ආර්  රාසමානික්කම් මහතා අදාළ පෙත්සම ගොනුකර තිබුණි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතීගත සංස්ථාව, එහි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, දේශපාලන පළිගැනීම් පිළිබද සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, එම කොමිසමේ සාමාජික දයා චන්ද්‍රසිරි ජයතිලක, එහි සාමාජික හා හිටපු පොලිස්පතිවරයෙකු වන චන්ද්‍රා ප්‍රනාන්දු , බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු 14 දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කරු පවසන්නේ වංචා සහගත චෝදනාවක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වා වරදකරු කොට සේවයෙන් ඉවත්කළ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවි කළමනාකරුවෙකු දේශපාලන පළිගැනීමට ලක් වී ඇතැයි සඳහන් කරමින් ඔහුව යළි සේවයේ පිහිටුවන ලෙස දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් නිර්දේශ කර ඇති බවය.

කොමිසම විසින් සිදුකළ එම නිර්දේශය මුළුමනින්ම නීතියට පටහැනි බවද මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දී තිබේ.

එම නිසා මෙම නිර්දේශය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා ඇති බව “අද දෙරණ“ වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව පෙත්සම ලබන 22 වෙනිදා සලකා බැලීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

නේපාලයේ නාය යෑමක්.. 384 ක් අතුරුදන්

නේපාලයේ නාය යෑමෙන් සංචාරකයන් ඇතුළු 384 ක් අතුරුදන් බවට තොරතුරු. ඉන් 291 ක් විදෙස් සංචාරකයන් වන අතර 93 ක් නේපාල ජාතිකයන් බව විදෙස් මාධ්‍ය...

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් මියයයි

ජනප්‍රිය ඇමෙරිකානු ගායිකා ඩොලී පාර්ටන් (80) පිළිකා රෝගයක් හේතුවෙන් මියයයි - විදෙස් මාධ්‍යය.

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති

දියබෙදුම රණවිරු ගම්මානයේ රණවිරුවන්ගේ සුබසාධනය සොයා බැලූ යුද්ධ හමුදාපති රණවිරුවන්ගේ සුබසාධනය සහ ගෞරවය සුරැකීම යුද්ධ හමුදාවේ අඛණ්ඩ වගකීමක් ලෙස සලකමින්, යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත...

සෑම පෙත්සමකින්ම ඉල්ලා සිටින්නේ ජනමත විචාරණයක්- ඒකාබද්ධ විපක්ෂය

ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂය අද (25) පෙරවරුවේ කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා දැක්වූ අදහස් ඊයේ නීතිඥ සංගමයේ කාර්යාලය...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img