Monday, September 14, 2026
HomeNEWSදේශබන්දු හැර සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිගෙන් උපදෙස්.

දේශබන්දු හැර සෙසු සැකකරුවන් අත්අඩංගුවට නොගන්නා ලෙසට නීතිපතිගෙන් උපදෙස්.

2023.12.31 වන දින වැලිගම පොලිස් වසමේ හෝටලයක් ඉදිරිපිටදි සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අදාලව පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස 2025.02.27 වන දින ගරු අධිකරණය මඟින් නියෝග කර තිබිණි.එම නියෝගයෙහි පිටපතක් අපරාධ පරීක්ෂණ දෙපාර්‌තුමේන්තුව වෙත නිකුත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමා හා වැඩබලන පොලිස්පතිතුමා දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර ඇත.මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කරන ලද නියෝගයට එරෙහිව පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කිරීමෙන් අනතුරුව ගරු අභියාචනාධිකරණය මඟින් එම පෙත්සම පිළිබඳව සලකා බලා 2025.03.17 වන දින ඊට අදාලව තීන්දුව නිකුත් කිරීමට නියමිතය.කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් 06 දෙනා තමන් අත්අඩංගුවට නොගන්නා ලෙසට ඉල්ලා රිට් පෙත්සමක් ගරු අභියාචනාධිකරණය වෙතඉදිරිපත් කර තිබිණි.ඒ අනුව ගරු නීතිපතිතුමා සහ පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන් ගරු අභියාචනාධිකරණයේදී ඇති කර ගන්නා ලද එකඟතාවය මත මූලික විමර්ශන අවසන් වෙන තෙක් ඔවුන් අත්අඩංගුවට නොගන්නා ලෙසටත් අපරාධ පරීක්ෂණ දෙපාර්‌තුමේන්තුවේ පෙනී සිටීමෙන් පසු ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කිරීමටත් නීතිපතිතුමා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට උපදෙස් ලබාදී ඇත.මෙම රිට් පෙත්සම 2025.03.21 වන දින ගරු අභියාචනාධිකරණයේ කැඳවීමට නියමිතය.මේ අනුව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඇතුළු සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලිස්පති ධූරයේ වැඩ අත්හිටවන ලද දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්‌තුමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 06ක් වැඩිදුර විමර්‌ශන සිදු කරමින් පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img