අද (09) දිනය තුළ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 1,010ක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 2,938ක් වේ.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 332,932ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 2,161ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 295,518ක් විය.
සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 5,222කි.






















