ධූර කාලය නිමවා මෙරටින් පිටව යන තායිලන්ත තානාපතිතුමිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි
ධූර කාලය නිමවා මෙරටින් පිටව යන තායිලන්ත තානාපති චුලාමනී චාර්ට්සුවන් මහත්මිය (H. E. Mrs. Chulamanee Chartsuwan) සහ තානාපති කාර්යාලයේ කොන්සුලර් තයතත් කන්ජනපිපත්කුල් මහතා (Mr. TayatatKanjanapipathkul), අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජේරාම නිවසේදී අද (29-01-2020) පෙරවරුවේ හමුවිය.
ඇයගේ ධුර කාලය පුරාවටම ඇයට ලැබුණු සහයෝගයට තානාපතිවරිය අගමැතිවරයාට සහ රජයට ස්තූතිය පුද කළාය. කෙටි කලකින් පත්වීමට නියමිත අභිනව තායිලන්ත තානාපතිතුමා/තුමිය, වසර ගණනාවක් පුරා ඇයට ලැබුණු සහයෝගයම භුක්ති විඳිනු ඇති බවට විශ්වාසය පලකළ තානාපතිවරිය, එම අනුප්‍රාප්තිකයා රජය සමඟ දෙරටටම ඵලදායි ද්විපාර්ශවික සම්බන්ධතාවයක් ඇති කර ගනු ඇතැයි පැවසීය.
දෙරට අතර සාකච්ඡා වෙමින් පවතින තායිලන්ත ආයෝජනයක් සහිත වවුනියාවේ සීනි කර්මාන්ත ශාලාව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සහ දෙරට අතර උපායමාර්ගික ආර්ථික හවුල්කාරීත්ව ගිවිසුම දීර්ඝ කිරීම පිළිබඳ කරුණු තායිලන්ත තානාපතිතුමිය ඉස්මතු කළ අතර මේ කාරණා දෙකම කඩිනමින් ඉටු කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවට අග්‍රාමාත්‍යවරයා තානාපතිවරියට සහතික විය.
අග්‍රාමාත්‍යවරයා සිය ධූර කාලය නිමවා මෙරටින් පිටව යන තායිලන්ත තානාපතිතුමියට ඇගේ සියලු අනාගත ප්රයත්නයන් සදහා සුබ පැතුම් එක් කළ අතර තායිලන්ත, ශ්‍රී ලංකාව සමඟ පවත්නා අඛණ්ඩ සහයෝගය සහ මිත්‍රත්වය පිළිබද ස්තූතිවන්ත විය.
මෙම අවස්ථාව සඳහා මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් අමාත්‍යතුමා ද සහභාගී විය.






















