එළඹෙන මහ කන්නයේ වගා කටයුතු සඳහා නයිට්රජන් නිස්සාරක සහ පොටෑසියම් ආනයනය සඳහා අවසර ලබාදෙමින් ගැසට් පත්‍රයක් නිකුත්කර තිබේ.
ආනයන අපනයන දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති එම ගැසට් පත්‍රය අනුව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහ පොහොර ලේකම් කාර්යාලයේ නිර්දේශය මත එම ද්‍රව්‍ය ආනයනයට අවසර ලබාදී ඇත.






















