Monday, May 4, 2026
HomeNEWSනවසීලන්ත රජයේ ඉහළ දූත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි.

නවසීලන්ත රජයේ ඉහළ දූත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවෙයි.

*නවසීලන්ත රජයේ ඉහළ දූත පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි.*නවසීලන්ත නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුවිශේෂී හමුවක් (27) විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවිය.මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය අගමැති සහ නවසීලන්ත විදේශ කටයුතු අමාත්‍ය වින්ස්ටන් පීටර්ස් මහතා, නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ ජ්‍යෙෂ්ඨ විදේශ කටයුතු උපදේශක මයිකල් ඇපල්ටන් මහතා, නියෝජ්‍ය අගමැති සහ විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මාණ්ඩලික ප්‍රධානී ආචාර්ය ජෝන් ජොහැන්සන් මහතා, දකුණු සහ අග්නිදිග ආසියානු අංශයේ අංශ කළමනාකරු මෙන්ම නවසීලන්තයේ විදේශ කටයුතු සහ වෙළඳ අමාත්‍යාංශයේ ජොආනා කෙම්ප්කර්ස් මහත්මිය, ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ඩේවිඩ් පයින් මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත නියෝජ්‍ය මහ කොමසාරිස් ගේබ්‍රියෙල් අයිසැක් මහත්මිය එක්විය.මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අප රට මේ වන විට මුහුණ දෙන ආර්ථික ගැටලු නිරාකරණය කර ගැනීම සදහා නවසීලන්ත රජයේ සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය. එසේම මෙම හමුවේ දී වෙළඳාම, ආයෝජන, වෘත්තීය පුහුණුව, තෘතීයික අධ්‍යාපනය, පුනර්ජනනීය බලශක්තිය සහ කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්වය (RCEP) යටතේ සම්බන්ධ වීම ඇතුළු ප්‍රධාන අංශ රැසක ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු විය. එමෙන් ම ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත කිරි නිෂ්පාදන ජාතියක් බවට පරිවර්තනය කිරීම සඳහා 2013 වසරේ දී අත්සන් කරන ලද කිරි සහයෝගීතා ගිවිසුම (DCA) පුළුල් කිරීම නැවත සලකා බලන ලෙස ප්‍රේමදාස මහතා නවසීලන්ත රජයෙන් ඉල්ලා සිටියේය. එහි දී නවීන තාක්‍ෂණය, ගොවි පුහුණුව සහ තිරසාර ගොවිතැන් පිළිවෙත් හරහා DCA ශක්තිමත් කිරීමෙන් කාලයත් සමඟ කිරි ආනයන මත රට යැපීම ඉවත් කළ හැකි බව හෙතෙම අවධාරණය කළේය. මීට අමතරව, වෘත්තීය, තාක්ෂණික සහ තෘතීයික අධ්‍යාපනයේ දිගුකාලීන සහයෝගීතාව ආයතනිකකරණය කිරීම අරමුණු කරගත් ශ්‍රී ලංකා-නවසීලන්ත උසස් අධ්‍යාපන සහ කුසලතා හවුල්කාරිත්ව කාර්ය සාධක බලකායක් පිහිටුවන ලෙසත් පවසා සිටියේය. මෙහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ශ්‍රී ලංකාවේ අලි පැටවෙකුගේ ජීවමාන ප්‍රමාණයේ ඡායාරූපයක් නියෝජ්‍ය අගමැති වින්ස්ටන් පීටර්ස් මහතාට පිළිගැන්වීය. ජාතික අභයභූමියක නිදහසේ උපත ලබන අලි පැටවෙකු නිරූපණය කරන මෙම රූපය, සංරක්ෂණය සඳහා ශ්‍රී ලංකාවේ ගැඹුරු කැපවීම සහ දූපත් ජාතීන් දෙක අතර කල් පවතින මිත්‍රත්වය නියෝජනය කිරීම සංකේතවත් කරයි.මෙම අවස්ථාව සදහා සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, හෙක්ටර් අප්පුහාමි, වෛද්‍ය කාවින්ද ජයවර්ධන, හර්ෂණ රාජකරුණා මෙන්ම සුරංග රත්නායක, මහාචාර්ය කෙනඩි ගුණවර්ධන, මහාචාර්ය අමින්ද මෙත්සිල, ආචාර්ය අතුල සමරකෝන්, ආචාර්ය නදීෂ් ද සිල්වා, ආචාර්ය චන්දිමා විජයගුණවර්ධන, තලල් රාෆි මහතා, දිලුම් අලගියවන්න මහතා සහ කල්පනා ෆ්‍රැන්ඩෝ මහත්මිය එක්විය.NEWS CLIP 🧧 https://youtu.be/8NEICZV9tcA?si=sPQX_K0ScbctP7Cu

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රංග නිශාන්තගේ මරණය වගේම මරණ පරීක්ෂණයත් සැක සහිතයි-ගම්මන්පිල

2026 මැයි 04 වන දින පැවැති පිිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක් වූ අදහස් රංග නිශාන්තගේ මරණය වගේම...

බැංකුවක වංචාවක් ගැන සඳහන් කරමින් රවීගෙන් ජනපතිට ලිපියක්

NDB බැංකු වංචාව, අතපසුවීම් සහ මූල්‍ය අධීක්ෂණයේ පද්ධතිමය දුර්වලතා පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර ස්වාධීන වෝහාරික පරීක්ෂණයක් පවත්වන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා විසින් කරුණු 05...

ත්‍රී රෝද රථවල ගාස්තුවල වැඩිවීමක් ඉල්ලයි

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ත්‍රීරෝද රථ ගාස්තුවේද යම් මිල වැඩි කිරීමක් සිදුකළ යුතු බව ජාතික ඒකාබද්ධ ත්‍රීරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සංගමයේ ප්‍රධාන...

සියලු ඉන්ධන මිල යළි ඉහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියලු ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව ලංකා සුදු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img